BYD ප්‍රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්

Date:

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ කොළඹ BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී ඊයේ (04) විරෝධතාවක් පැවැත්විණි.

ඒ, BYD වාහන ඇනවුම් කර මාස ගණනක් ගතවී ඇතත් තවමත් ඒවා නොලැබුණු පාරිභෝගිකයින් පිරිසක් විසිනි.

තමන් ඇනවුම් කර ඇති BYD වාහන රේගුව විසින් රඳවාගෙන සිටින බැවින් වහාම බැංකු ඇපකරයක් මත ඒවා නිදහස් කරගෙන තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවේ නිරත වූහ.

“ජෝන් කීල්ස් බලධාරීනි, මාස 5ක් වරායේ දිරන අපේ BYD රථ බැංකු ඇපකර දී වහා නිදහස් කර ගනු”, “උසාවිය අවසර දුන්නා ඒත් ජෝන් කීල්ස් මර නින්දේ” යනාදී වශයෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වන අයුරු දක්නට ලැබිණි.

චීනයෙන් මෙරටට ආනයනය කරන ලද BYD වාහන මාදිලි කිහිපයක මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත ශ්‍රී ලංකා රේගුව විසින් එම වාහන තොග කිහිපයක් රඳවා තබාගත් අතර අධිකරණය හමුවේ පැමිණි එකඟතාවක් අනුව එයින් කොටසක් බැංකු ඇපකර මත නිදහස් කරගෙන පාරිභෝගිකයින්ට ලබාදීමට BYD වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම කටයුතු කළ නමුත් තවත් වාහන තොගයක් එසේ බැංකු ඇපකර ලබාදී නිදහස් කරගැනීමට ඔවුන් තවමත් කටයුතු කර නොමැත.

පසුගිය නඩු වාරයේදී ද මෙම වාහන බැංකු ඇපකරයක් මත මුදාහැරීමට හැකි බව රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ නමුත් ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම එවැනි එකඟතාවකට උනන්දුවක් නොදැක්වූ බවක් එහිදී පෙන්නුම් කෙරිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...