BYD ප්‍රශ්නය – ජෝන් කීල්ස් සමාගමට එරෙහිව කොළඹ BYD ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට විරෝධතාවක්

Date:

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගමේ කොළඹ BYD වාහන ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටදී ඊයේ (04) විරෝධතාවක් පැවැත්විණි.

ඒ, BYD වාහන ඇනවුම් කර මාස ගණනක් ගතවී ඇතත් තවමත් ඒවා නොලැබුණු පාරිභෝගිකයින් පිරිසක් විසිනි.

තමන් ඇනවුම් කර ඇති BYD වාහන රේගුව විසින් රඳවාගෙන සිටින බැවින් වහාම බැංකු ඇපකරයක් මත ඒවා නිදහස් කරගෙන තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවේ නිරත වූහ.

“ජෝන් කීල්ස් බලධාරීනි, මාස 5ක් වරායේ දිරන අපේ BYD රථ බැංකු ඇපකර දී වහා නිදහස් කර ගනු”, “උසාවිය අවසර දුන්නා ඒත් ජෝන් කීල්ස් මර නින්දේ” යනාදී වශයෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වන අයුරු දක්නට ලැබිණි.

චීනයෙන් මෙරටට ආනයනය කරන ලද BYD වාහන මාදිලි කිහිපයක මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත ශ්‍රී ලංකා රේගුව විසින් එම වාහන තොග කිහිපයක් රඳවා තබාගත් අතර අධිකරණය හමුවේ පැමිණි එකඟතාවක් අනුව එයින් කොටසක් බැංකු ඇපකර මත නිදහස් කරගෙන පාරිභෝගිකයින්ට ලබාදීමට BYD වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම කටයුතු කළ නමුත් තවත් වාහන තොගයක් එසේ බැංකු ඇපකර ලබාදී නිදහස් කරගැනීමට ඔවුන් තවමත් කටයුතු කර නොමැත.

පසුගිය නඩු වාරයේදී ද මෙම වාහන බැංකු ඇපකරයක් මත මුදාහැරීමට හැකි බව රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ නමුත් ජෝන් කීල්ස් CG ඔටෝ සමාගම එවැනි එකඟතාවකට උනන්දුවක් නොදැක්වූ බවක් එහිදී පෙන්නුම් කෙරිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...