මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

Date:

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන් බිමන් සඳහා වාහන නොමැති වීමෙන් වැඩකිරීමට බාධා එල්ල වී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

“දැන් මහජන නියෝජිතයින් පත්වෙලා, සභාපතිවරු නගරාධිපතිවරු පත්වෙලා දැන් ඉතින් වැඩ පටන් ගන්න ගියාට පස්සෙ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද වැඩකරන්නෙ කියලා. ඇයි ? වැඩ කරන්න බලනකොට යන්න එන්න වාහනයක් නෑ. සභාපතිට යන්න වාහනයක් නෑ, ලේකම්ට යන්න වාහනයක් නෑ, මෝටරේ කැඩිලා කියනවා. පාරක් කපාගන්න විදියක් නෑ, ලයිට් එකක් හයිකරන්න යන්න වාහනයක් නෑ, ට්‍රැක්ටරයක් නෑ කුණු ටික ගේන්න යන්න විදියක් නෑ. හැම සභාවකම ඔය ප්‍රශ්නෙ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි ඔය තත්වය යටතේ කල්පනා කරන්නෙ කොහොමද ජනතාවට මේ සේවාව ලබාදෙන්න කියලා. මොකද සභාවෙ සල්ලි ටිකෙන් විතරක් මේ අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගන්නත් බෑ. ඊළඟ ප්‍රශ්නෙ මේ අවුරුද්දෙ අයවැය හදලා තියෙන්නෙ වැටුප් පූර්ණය 20%ක් අඩුකරලා. එතකොට සභාවේ වැටුප් ගෙවන්න සල්ලි නැහැ. ඒ නිසා දැන් මේ ඔක්කොටම උත්තර හොයන්න ඕනෙ. පහුගිය කාලෙ අපි අත්පුඩි ගහලා සමහර තීරණවලට රතිඤ්ඤා පත්තු කළාට දැන් තමයි තියෙන්නෙ, ඒවායෙ ප්‍රතිඵල දැන් තමයි එන්නෙ”

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇල්පිටිය ප්‍රදේශයේ මාර්ගයක මීටර් 860ක කොටසක් සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම