*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/05

1. ඇ.ඩො මිලියන 70 ක ගෙවීම් සිදු කර නොමැති බැවින් බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000 ක් රැගත් නෞකාවක් ගොඩබෑමකින් තොරව දින 44 ක් කොළඹ වරායෙන් පිටත රැඳී සිටින බව වරාය වෘත්තීය සමිති ක්‍රියාකාරීහු පවසති – මෙතෙක් ප්‍රමාද ගාස්තු රු. මිලියන 2,500 දක්වා ඉහළ ගොස් ඇත.

2. ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P විසින් ශ්‍රී ලංකාවේ බැඳුම්කර ‘CC’ සිට ‘D (Default)’ දක්වා පහත හෙළයි – දිගුකාලීන ‘SD (Selective Default)’ සහ කෙටිකාලීන ‘SD (Selective Default)’ විදේශ විනිමය ස්වෛරී ශ්‍රේණිගත කිරීම් තහවුරු කරයි – කලින් නිවේදනය කරන ලද “මෘදු” ණය පැහැර හැරීම ඔස්සේ “මූල්‍ය තත්ත්වය” සුරැකෙනු ඇති බවට පළවන අනුමානවලට වලංගුභාවයක් නොමැති බව ද අවධාරණය කරයි.

3. කඩිමුඩියේ, අපැහැදිලි ලෙස, සහ සැක සහිත ලෙස “ණය පැහැර හරින” බවට ඉකුත් 2022 අප්‍රේල් 12 වැනි දින කළ නිවේදනය කිසිසේත්ම එම මොහොතේ සිදුකිරීමට අවශ්‍යතාවයක් නොතිබූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි – එම නිවේදනය සිදුකර තිබෙන්නේ ඊට අවශ්‍ය විධිමත් අනුමැතියකින් තොරව බව ද අවධාරණය කරයි – චීනය, ඉන්දියාව සහ “හරිත බැඳුම්කර” වෙතින් ප්‍රමාණවත් “මූල්‍ය සේතුකරණයක් (Bridging Finance)” ලබාදීමට නියමිතව තිබූ බව ද සිහිපත් කරයි.

4. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings) සිය ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන “Cinnamon Life” සඳහා “සූදු ක්‍රියාකරුවන්” සොයන බව එම සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර ප්‍රකාශ කරයි – මෙම අවස්ථාව උදාවූයේ, කැසිනෝ සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සහ මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ රජයේ විධිමත් ක්‍රියාවලියෙන් පසුව බව ද අවධාරණය කරයි.

5. අනාගතයේ කිසිඳු ආර්ථික අර්බුදයක් ඇති නොවන බවට සහතික කිරීම සඳහා පමණක් යෝජිත බදු පැනවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි – පවතින ආර්ථික අර්බුදය ඉක්මනින් අවසන් වන බවට ද සහතික කරයි.

6. එක්සත් ජනපදයේ New Fortress Energy සමාගම විසින් ස්වභාවික ද්‍රව වායු (LNG) මෙහෙයුම් සඳහා යෝජිත ආයෝජනය රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ – මෙලෙස අත්හිටුවා තිබෙන්නේ එකී ආයෝජනවලට එරෙහිව ගොනුකරන ලද පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක වීම ද විශේෂත්වය කි – මේ පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ, නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යාපෘතිය සමාලෝචනය කෙරෙමින් තිබෙන බවයි.

7. පාසල් ගුරුවරුන් සඳහා දැනට පවතින ඇඳුම් පැළඳුම් සංග්‍රහය කිසිඳු හේතුවක් මත වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ගෙන් ප්‍රකාශයක්!

8. ශ්‍රී ලංකාවේ පුරවැසියකු රජයට හෝ රජයේ ආයතනයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ඕනෑම සංවිධානයකට පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඔවුන්ගේ ප්‍රජා අයිතිය වසර 20ක් දක්වා ඉවත් කළ හැකි බවට වගන්තියක් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරති.

9. ඔක්තෝම්බර් මස අවසන් වන විට ඩෙංගු මරණ 60 දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි – මෙම මරණ අතර වැඩිපිරිසක් දරුවන් – මෙම වසරේ ඩෙංගු ආසාදන 62,184 (පසුගිය වසරේ 35,924) – ඉදිරි මාස 2 තුළ රෝග ව්‍යාප්තියේ ඉහළ යාමක් හටගැනෙනු ඇතිබවට බියක්.

10. ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ අවසන් සුපිරි 12 තරඟයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව 2022 T20 ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan