රගර් තාරුණ්‍යයේ ගැටුම් අදින් ඇරඹෙයි.

Date:

වසර දහයකට පසුව ශ්‍රී ලංකා රගර් පිටියේ හෙට දවස වෙනුවෙන් වඩා වැදගත් තරගාවලියක් වූ, අවුරුදු 24 න් පහළ තරගාවලිය අද ආරම්භ වෙනවා.බොහෝ කෙනහිළිකම් දරා ඉවසමින්,කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට වැඩවලින් අභියෝගයක් වන වත්මන් රගර් පරිපාලනය අනුග්‍රාකයන් සොයා ගෙන ශ්‍රී ලංකාවේ රගර් ඉදිරියට ගෙන යාමට දරණ උත්සාහය අගය කළ යුතුය.කඩකප්පල්කාරීන් ශ්‍රී ලංකාවෙන් නොනැවතී,රගර්ම පාදක කරගෙන ආසියාතික මට්ටමෙන් සබඳතා සකසා ගෙන ආසියාව තුළ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවද,නීතියද හැල්ලුවට ලක් කරන්නට උත්සාහ කරමින් සිටින අතර,ඊට ආශිර්වාද කරපු දේශපාලන නායකත්වයේ පිල්ලි තවමත් හොල්මන් කරන තත්ත්වයක,අමාත්‍යවරයාටත් වඩා එහි නියෝජිතයන්ව සිටින රාජ්‍ය පරිපාලන සේවාවේ මුල්පුටු, රගර් පරිපාලනයේ වැඩවලට ආශිර්වාද කරනු වෙනුවට එයටබාධා කිරීමට වැඩි කැමත්තක් දක්වන ආකාරය දකින්නට ඇත.
මෙවැනි වටපිටාවක රගර් ක්‍රීඩාවේ අභිවෘද්දියට වැදගත් අවුරුදු 24 න් පහළ රගර් තරගාවලිය අද (නොවැම්බර් 4 දා) පස්වරු 4.00 කොළඹ තර්ස්ටන් පිටියෙන් ආරම්භ වෙන්නේ,පීටර්සන් කණ්ඩායම සහ කේෂත්‍ර බලකා කණ්ඩායම අතර තරගයෙන්ය.හෙට දවසේ ආදි වෙස්ලි ක්‍රීඩා සමාජයට එරෙහිව සයන්ස් මෙරූන් කණ්ඩායම තර්ස්ටන් පිටියේදීත්,ඌව සහ බස්නාහිර පළාත අතර තරගය බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදීත් සහ කුරුණෑගල මලියදේව පිටියේදී වයඹ සහ මධ්‍යම පළාත යන කණ්ඩායම් ද තරග වැදීමට නියමිතය.
තරගාවලිය නියෝජනය කරමින් මධ්‍යම, ඌව, වයඹ, උතුරුමැද, දකුණු සහ බස්නාහිර පළාත් යූත්, පීටර්සන්, කේෂ්ත්‍ර බලකා, ආදි වෙස්ලි ක්‍රීඩා සමාජය සහ සයන්ස් මෙරූන් යන කණ්ඩායම් ඊට සහභාගි වෙති.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...