*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

එංගලන්තය එක ජයග්‍රහණයකින් සූරයෝ බානක් පරදවයි

එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු හතරක ජයක් ලබමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන පූරුව වටයට සුදුසුකම් ලබා ගත්තා.ජයග්‍රහණයකින් තරගාවලියේ සහභාගීත්වය අවසන් කරන්නට ආසියානු සූර ශ්‍රී ලංකා කණඩායම ප්‍රශස්ත උත්සාහයක් ගත්තද,අවසානයේ එංගලන්තය ජය ගනිමින් වත්මන් ලෝක සූරයන් වන ඔස්ට්‍රේලියාවට ද අවසන් පූර්ව තරග අහිමි කළා.ඒ අනුව ආසියානු සූරයන් මෙන්ම ලෝක සූරයන් ද එක ජයග්‍රහණයකින් පරාජය කරන්නට එංගලන්තයට හැකි වුණා.

තරගයේ කාසිය වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.එම තීරණයට සාධාරණය ඉටු කරමින් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් පළමු කඩුල්ලට පන්දු ඕවර් 4 දී ලකුණු 39 ක් එකතු කරා. එතැන් සිට ඕවර් 16 දි ශ්‍රී ලංකාව එකතු කර ගන්නේ ලකුණු 102 ක් පමණයි.ශ්‍රී ලංකාව පන්දු ඒවර් 20 නිමා කරන්නේ කඩුලු 8 ලකුණු 141 ලෙස යි.එම ගමනේදී පැතුම් නිශ්ශංක ලකුණු 67 ක් ලබා ගනිමින් කැප පෙණුනා.භානුක රාජපක්ෂ පන්දු 22 දී ලකුණු 22 ක් රැස් කරා.පන්දු ඕවර් 4 දී ලැබූ ලකුණු 39 සමඟ ඉණිම කළමණාකරනය කර ගනිමින් පෙරට යන්නට ශ්‍රී ලංකාවට වැඩ පිළිවෙලක් නොතිබුණු බව පැහැදිළිව පෙණුනා.ඒනිසා ලකුණු ගණන පීඩනය හරහා පෙරට රැඟෙන යාම වෙනුවට එම පීඩනයේම ගොදුරු බවට පත් වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ එකිනෙකා දැවී ගියා.

විස්සයි විස්ස යනු හයේ සහ හතරේ පහර පිරුණු ආස්වාදයක් වුව ත්,එහි චමත්කාර පෙණුමට ලකුණු අතිශයින් වැදගත්.නමුත් මේ තරගාවලිය පුරාම පාහේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ චමත්කාරය විදීම අතපසු කරන බව පැහැදිළි වූ අතර වේගවත්පහර ගැන පමණක් විශ්වාසය තබා දිගු පහරවලට උත්සාහ ගනිමින් දැවී ගිය අවස්ථා තිබුණා.කල්පනාකාරීව තරගය කළමනෘකරනය කර ගත්තේනම් ශ්‍රී ලංකාවට අඩුම තරමේ ලකුණු 150 සීමාවට පිවිසෙන්නට අවස්ථාව තිබුණ අතර එංගලන්තය ලකුණු 141 වෙනුවෙන් කඩුලු හයක් පූජා කරමින් පන්දු ඕවර් 19.4 වැය කරමින් ගත් වෙහෙස අනුව එය බොහෝ විට ජයග්‍රහණයට ප්‍රමාණවත් ලකුණු ගණනක් විමටත් තිබුණා.
එංගලන්තය පරාජය වෙන්නට බොහෝ සෙයින් ආසන්න වෙන අවස්ථා කළමණාකරණයට එංගලන්තයට පිතිකරුවෙක් සිටි අතර බෙන් ස්ටොක් එම වගකීම හොඳින් ඉටු කරා.කඩුල්ල රැක ගනිමින් මෙන්ම කඩුලු අතර හොඳින් දුවමින් ද ඔහු නොදැවී පන්දු 36 දී එකතු කළ ලකුණු 42 සඳහා එකතු කරගෙන තිබුණේ හතරේ පහර දෙකක් පමණයි.මෙය වඩාත් හොඳට අධ්‍යයනය කරන්නට ලකුණු 42 ට එකතු කරගත් හතරේ පහර දෙක අඩු කළ විට ලකුණු 34 ක් පමණයි.එවිට පන්දු 36 න් පන්දු දෙක අඩු කළ විට ද පන්දු ප්‍රමාණය 34 යි.ඒ අනුව ඔහු ඉතා අඩු නිලකුණු පන්දු ප්‍රමාණයක් තබා ගනිමින් මෙම ලකුණු එකතු කිරිම හරහා එංගලන්තයට ජය අත් කර දෙන්නට සමත් වුණා.පළමු කඩුල්ලට ලකුණු 72 සබඳතාවයක් තබන්නට මුල් වුණ නායක ජොස් බට්ලර් (28) සහ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 47 ක් ලැබූ ඇලෙක්ස් හෝල් සහ බෙන් ස්ටොක්ස් නොවන්නට මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසි සහිත තරගයක් බවට පත් වෙන්නට තිබුණා.නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලකුණු අතරට නොපැමිණිම නිසා ඒ තත්ත්වය දකින්නට ලැබුණේ නැහැ.

නමුත් මේ තරගයේ වඩාත් බලපෑම ඇති කළ ක්‍රීඩකයා ලෙස තරගයේ වීරයා නම් කිරීමේදී ප්‍රවීනයන්ගේ අවධානය ඉහළින්ම දිනා ගත්තේ ආදෙල් රෂිඩ්.ඔහු පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 16 කඩුල්ලක් ලබා දෙමින්.එසේම ඔහු වේගයෙන් ලකුණු ලබමින් තිබූ ශ්‍රී ලංකා ඉණිම අඩාල කිරීමට මූලිකත්වය ගත් ක්‍රීඩකයා වුණා මෙන්ම ඔහු ඒ සඳහාම මේ තරගයට කැඳවා ලබා දුන් වගකීම හොඳින් ඉටු කළා.
තරගයේ ලකුණු පූවරුව පහතින් දක්වන අතර ශ්‍රී ලංකාව සහභාගි වූ කාණ්ඩයෙන් අවසාන පූර්ව වටයට නවසීලන්තය සහ එංගලන්තය සුදුසුකම් ලබා ගන්නවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan