ඉදිරි සතියේ කෝප් කමිටුව හමුවට එන ආයතන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ‍රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඉදිරි සතිය තුළ කැඳවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ, නොවැම්බර් 07 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවත්, 08 වන බදාදා දිනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට ඇති බවත් , 09 වන බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි.

මීට අමතරව ඉදිරි සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව, ලබන බදාදා දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.

මේ අතර මෙම මාසය සඳහා පාර්ලිමේන්තුව 07 වන අඟහරුවාදා පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 07 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර, ලබන 10 වන දින පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත බවයි. පසුව, පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...