රුධිරය ලීටර් 150ක් අරගෙන වයල් 3800ක් සපයන්න පුළුවන් නම් නොබෙල් ත්‍යාගයක් දෙන්න ඕනි – ඉමියුනෝග්ලොබියුලින් වංචාව ගැන රවී කුමුදේශ් හෙළිකරයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහත් ආන්දෝලනයට ලක්වූ ඉමියුනෝග්ලොබියුලින් එන්නත නිෂ්පාදනය සඳහා රුධිර ලබා ගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානය බව තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

කොළඹ දී (05) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය මේ බව සඳහන් කළේය.

ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ ඖෂධය එන්නත් කිරීමෙන් පසුව රෝගීන් විවිධ සංකූලතා වලට ලක් වීම පසුගිය සමයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වලින් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙන්ම ඖෂධ නියාමන අධිකාරියට ද චෝදනා එල්ල වන පසුබිමක, එම ඖෂධ ආනයනය කළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගැණුනා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළේ , අදාළ ඖෂධ තොගය ඉන්දියාවෙන් ආනයනය කළ බව පැවසුවද, ඒවා මෙරට නිෂ්පාදනය කර ඇති බවයි .

එවන් පසුබිමක අද (05) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තිය සමිති එම ඖෂධ සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කළා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ මෙවන් අදහසක්,

මෙම ඖෂධය සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු වලදී හෙළි වූ වැදගත්ම දේ තමයි මෙම ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ එක් සැකකරුවකු පැහැදිලි ප්‍රකාශයක් කරනවා තමන් මේ ගනුදෙනුවට සම්බන්ධ වන්නේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා, වර්තමාන සෞඛ්‍යය ලේකම්වරයා හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් භාවයෙන් සහ උපදෙස් මත කියලා. අපට තවමත් දැනගන්න ලැබිලා නෑ පාර්ලිමේන්තුවේ කතානායකවරයා දැනුවත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රශ්න සහගත ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලබා ගත්ත බවක්. අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අතිශයින්ම සැක සහිතයි”

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙවැනි අදහසක් පළ කළා.,

අපට වාර්තා වෙනවා මේ ව්‍යාපාරිකයා දැන් ප්‍රකාශ කරනවලු මේ ඉමියුනෝග්ලොබියුලින් හොර එන්නත හදන්න පාවිච්චි කරේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිරය යොදාගෙන බව, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් ඔහු රුධිරය අරන් තියෙනව, හැබැයි ඔහු අරගෙන තියෙන්නේ පර්යේෂණයකට කියලා. ඒ පර්යේෂණය සඳහා රුධිරය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාගේ අනුමැතියක් අරන් තියෙනවා, හැබැයි ඒ පර්යේෂණ සඳහා රුධිරය ලීටර් දීලා තියෙන්නේ 150ක් වගේ ප්‍රමාණයක්. රුධිරය ලීටර් 150ක් අරගෙන වයල් 3800 ක් සපයන්න පුළුවන් කියන්නේ, මං හිතන්නේ ව්‍යාපාරිකයා එහෙම කරානම්, ඒ ව්‍යාපාරිකයාට නොබෙල් ත්‍යාගයක් ලබාදෙන්න වටිනවා. මේ ගත්ත රුධිරය කෙසේ හෝ කලවම් කර තියෙනවා නම්, මේ ලබාදීපු ඖෂධය සඳහා එතනින් අපට තව ගැටලු ගණනාවක් එනවා, මොකද මේ රුධිරය සියයට සියයක් අපිට තහවුරු කරන්න බෑ රෝග සියල්ලෙන් තොරයි කියලා” ලෙස කුමුදේශ් මහතා පවසනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...