මැන්ඩෙලාමය රගර් සිහිනයේ විහිදුම සියා කොලිසි දක්වා

Date:

කෙනෙක් එකෙකු යට කර නැඟී සිටින ලෝකයක ඇත්තේ ආඩම්බරය නොව.අහංකාරයය.එය විසින්ම දායාද කර දෙන බිය,වේදනාව සහ සැකයය.හොඳින් කා,බී විනෝදයෙන් ජිවත්වෙන මිනිස්සු සතුටෙන් නැත.ඔවුන් කන්නේ තමන් උපයාගත් දේ පමණක් නොව අනුන්ගේ අයිතියද බව දැනෙන විට,එයට පෙරළා පිළිතුරු ලෙස නැගි ආ හැකි ආවේග,විරෝධ ගැන සැකයත්,බියත් එකතු කරන්නේය.


මැන්ඩෙලා සටන් කළේ ඊට එරෙහි වූ මානව සමාජයක් දකුණු අප්‍රිකාවට උදා කර දෙන්නටය.ඔහු කළු ජාතිකයනිගේ වීරයා බවට පත් වූයේ පීඩාවට සහ අසාධාරණයට පත්ව සිටියේ ඔවුන් වූ බැවිනි.ඔහු සටන ජයග්‍රහණය කරමින් ජනතාවගේ ජන වරමින් රටේ නායකත්වයට පත් වූ පසුව දැණුන දෙයින් යළිත් කම්පාවට පත් වූවා විය යුතුය.සුදු බලය සහිත අප්‍රිකාව කළු බලය සහිත අප්‍රිකාවක් ලෙස පරිවර්ථනය වන ව ඔහුට දැණින.මැණ්ඩෙලාගේ හිතේ තිබුණේ පළිගැනීම සඳහා බලය ඕනෑකමක් නොවේය.දකුණු අප්‍රිකාවේ හැමෝටම සතුය,සාධාරණය සහ සැනසීම සමඟ සුදුසු තැන ඇති දියුණු සමාජ වටපිටාවක්ය.


මැණ්ඩෙලා ඒ සඳහා යොදාගත්තේ මිනිස් ජවයේ ප්‍රදර්ශනාත්මක ක්‍රිඩාවය.සවිය සහ ජවය මනරම් වූ ප්‍රදර්ශනකයක් බවට පත් ලෝක රග්බි සූරතාවය 95 දී මැන්ඩෙලා දකුණු අප්‍රිකාවට ගෙන එන්නට මූලික විය.එහෙත් ඒ වන විට කාලයක් තිස්සේ කල්ලන්ට අහිමි කර තිබූ ක්‍රීඩා පිටියේ ජාතික කණ්ඩායමට ඇතුළත් කරන්නට සිටියේ චෙස්ටර් විලියම්ස් පමණි.අන් සියල්ල සුද්දෝ විය.


ෆ්‍රැන්කොයිස් පියෙනාර්ගේගේ නායකත්වයෙන් යුතු සුද්දන්ට ද මැන්ඩෙලාට ඕනි විදිහට පළල් අදහසකින් රගර් බෝලය ගැනීමේ කිසිඳු උවමනාවක් නොවීය.මෙය එක්වරම වෙස් නොවන ඇත්තකි.මැන්ඩෙලා හැඟීමට අවංක විණි.කැපවිණි.ඇත්ත අවබෝධ කර ගන්නට මැලි නොවිණි.මැන්ඩෙලා නැවතුණේ ෆ්‍රැන්කොයිස්ගේ ගෙදරය.ඔහු මොන විරෝධතා තිබුණත් රටේ ජනාධිපතිය.ඔවුන් රටේ නායකයාගේ හමට වඩා දැන සිටියේ ඔහුට ඇති ප්‍රතාපවත් වටපිටාවය.ආඩම්බරකමට හැසිරීමට ඇති ඉඩය.ඒ ආඩම්බරකම තමන්ගේ ගෙයි ආලින්දයේ සිටින නිහතමානි විලාසය දැවන්ත සුදු ආත්ම දිය කර අරින සුළු විය.


ඉනිත්බිති මැන්ඩෙලා පළමුව පා මුලට ගිය දකුණු අප්‍රිකානු නායකයා දකුණු අප්‍රිකා රගර් මැන්ඩෙලා පාමුලට ගෙන දුන්නේ ආඩම්බරකාර දේශයක් බවට දකුණු අප්‍රිකාව පත් නොවි හමේ පාට ගැන ආඩම්බර වෙන්න බැරි බව උගන්වමින්ය.එහෙත් ලෝකයට කළු බලය පෙන්නීමට සිටි චෙස්ටර් සිටියේ ඒ වන විට ආබාධයක වුව ඔහු කණ්ඩායමට ඇතුළත් වන්නේ දේශපාලනික උවමනාවක් ඇතුළේය.ඒ මහා කාලයක් දුක් විනද් කළු හම ඇති මිනිස්සුන්ට ආස්වාදය දනවන දසුනක් විය.එහෙත් වැදගත්ම දේ චෙස්ටර්ට ඒ මොහොතේ ආබාධය නොතිබිණි නම් ජාතික කණ්ඩායමට ක්‍රිඩා කරන්නට අවශ්‍යය දක්ෂතාවය තිබීමය.ඔහු අර්ධ අවසන් පුර්ව වටයේ සිට අවසාන තරගය දක්වා ඒ හැකියාව මැනවින් පැහැදිළි කළේය.


මේ රගර් සූරතාවය දකුණු අප්‍රිකාවේ රඳවා ගන්නට ෆ්‍රැන්කොයිස්ගේ නායකත්වයට වගේම මැන්ඩෙලාගේ දේශපාලන නායකත්වයට ද හැකියාව ලැබිණ.ඒ නිසා එක පොකුරට හමේ පාට නොතකා එක රටක් හැටියට පොකුරට වැටුණ රට ලෝක කුසලානය දෙස බලා සිටියේය.මේ අරුම වෙනස ඇසෙත් හිතෙත් පටලා ගත් සිව් හැවිරිදි පොඩි එකෙකුත් කඩපිලක අනුන්ගේ ටීවී එකකට දෑස ඔබාගෙන රටම විඳින චමත්කාරයේ හවුල්කරුවෙක් විය.යාන්තමට බහ තෝරන වියේ සිටි ඔහු හමත් සමඟ නොබැදුණු රගර් එක්වරම ඇති කරගෙන තියෙන බන්ධනයේ ආස්වාදයෙන් ඉපිල පාට නොසළකා ශක්තිවන්ත සිරුරුවල ක්‍රියාකාරකම්වලින් මෝහනය වී සිටියේය.


ඔහු ඒ දසුන්වලින් ගත්තේ රගර්ය.වැඩ්ණෙ රගර්මය වූ ජීවිතාශාවක පැටළුණු සිහින සමඟ නිසා ඒවා ජයග්‍රහණයෙන් වර්ණ ගැන්වි තිබිම නිසාත් මේ තරුණයා වැඩුණේ මැන්ඩෙලා දුටු දකුණු අප්‍රිකානු ලෝකයේ වර්ණ විසින් වෙන් කළ නොහැකි මනුස්සකම් එක්කය.ඒ නිසා ඔහු සෙව්වේ මානුෂීය බැදීම්ය.මානවීය සංවාද සහ අදහස්ය.පාට වෙනුවට සොයන ලද ආදරය සිය ජීවිතය පාට කරන්නට යොදා ගැනීම වෙනුවෙන් ඔහු බැදුණේ රැචෙල් සමඟය.ඇය සුදු විය.දෙදෙනාගේම හතවත්වල පාට ආදරණීය විය.අද වන විට දරු දෙදෙනෙකුට හිමිකම් කියන මව්පිය යුවලක් වන කොලිසි පවුල දකුණු අප්‍රිකාව තළ තැන තැන මතුවන හම පදනම් කරගත් බැදීම් සමතලා කරමින් ආදරයට වැදගත් ආදරයේ පාටම බවත්,මනුස්සකමට වැදගත් මනුස්සකමේ පාට බවත් වර්ණවාදී වර්ගවාදීන්ට අවබෝධ කරමින් සිටියි.


සියා මේ වන විට දුලබ වාසනාවක් ඇති මිනිසෙක් වෙමින් වසර 28 පසුව තමන් අවුරුදු 4 දී ,අනුන්ගේ කඩපිලක දුටු ඒ චමත්තාර ජනක රග්බි ක්‍රීඩාවෙන් සිය උපන් බිම ලෝකයෙන්ම එක කරන්නට දායකත්වය දක්වා ඇත.එදා කළු හමට තහනම්ව පැවති සුදු රගර් වෙනුවට ක්‍රිඩාව හරහා පාටවිලින් වෙන් නොවන දකුණු අප්‍රිකාවක් පැතූ මැන්ඩෙලාගේ සිහිනය ඔස්සේ කළු සහ සුදු වෙනසක් නැතුව කළු හමක් සහිතව සමස්ත දකුණු අප්‍රිකාවක් ගැන හැඟීමක් ඇතුව රය වෙනුවෙන් සිට ගන්නා මිනිසෙක් වෙන්නට සියා ට හැකි වී ඇත.එය හදවත විසින්ම භාරගත් මැන්ඩෙලානු සිහිනය යථාර්තයක් කිරීමට කැපවෙන බව කියන්නට ඔහු හෙටත් රැචෙල් සමඟ කලු සුදු මුසුව ඉතිරි කර තිබෙන ඊළඟ පරම්පරාවට හමට නොව රටට ආදරය කරපං යන පාඩම වඩාත් ගැඹුරෙන් කියා දෙනු ඇත.


ක්‍රීඩාව බෙදෙන තැනක නොව එකතුවන තැනක උපත විය යුතුය සහ උපත කළ හැකිය පෙන්වා දුන් දේශපාලන දර්ශනයක් ඇති කළ මැන්ඩෙලාගේ ජීවිතය මේ රටේ ක්‍රීඩාවට සම්බන්ධ සෑම දේශපාලකයෙකුම කියවිය යුතු පාඩමකි.ක්‍රීඩාවන් හදන්නට දක්ෂතා ගොඬ නඟන්නට නොව තමන්ට රුචි පුද්ගලයන් හරහා ක්‍රිඩාවේ පාලනය ගන්නට වෙර දරන දේශපාලකයන්ට ක්‍රීඩාවට ක්‍රිඩාව ලෙස පවතින්නට දෙන්න යන පණිවිඩය දෙන්නට මෙන්ඩෙලා සමත් විය.ඒ නිසාම ලෝකයට වැදගත් එම පසුබිම් කතාව ඉන්වික්ටස් නමින් සිනමා පටයකටද පෙරැළි ලොව පුරා මිනිසුන්ගේ ආදරයට බඳුන් විය.එවැනිම සිනමා වෘතාත්තයක් සියා වෙනුවෙන් ද නිර්මාණය වෙනු ඇත.ඒ පරමාදර්ශ්‍ය තමන්ගේ නමින් හැඩවෙන සැලෝලයිඩ් පටතුළට ඔබා ගන්නට බොහෝ නිෂ්පාදනවරු මෙන්ම අධ්‍යක්ෂවරු ද විශාල තරගයක නියැලෙනු සැක නැත.
මේ සියල්ල වෙනස් කිරීමට බල පෑ නෙල්සන් මැන්ඩෙලා පමණක් නොව අද වන විට එම පළමු සූරතාවයේදී ජයග්‍රාහී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් කළ චෙස්ටර් විලියම් ද අද නැත.ඔහු 2019 දී අවුරුදු 50 ක ආයු නිම කළ සිය දිවියට සමු දුන්නේය.ඔහු එම කණ්ඩායමේ සිටි එකම කළු ජාතිකයා පමණක් වූවා පමණක් නොව කළු ජාතිකයන්ට රගර් පිටියට එන්නට අවශ්‍යය උත්තේජනය නිර්මාණය කළ ක්‍රීඩකයා ද වන්නේය.

සටහන – නිස්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...