යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකා නිෂ්පාදන 7000ක් සඳහා ලැබුණු අපූරු සහයෝගය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා විශේෂිත වූ වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම නව යෝජනා ක්‍රමය යටතේ GSP ප්ලස් පහසුකම සඳහා අයදුම්කරුවෙක් වන අතර එමඟින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට තීරු බදු රහිත නිෂ්පාදන 7000කට වඩා ඉදිරි වසර දහය සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවලට අපනයනය කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකාව ආර්ථිකය ගොඩ නැගීමට ගෙන ඇති ක්‍රියාමාග සහ එහි ප්‍රගතිය යුරෝපා සංගමය සමඟ වෙළෙඳාම පුළුල් කිරීමට ගත් උත්සාහයන් ලෙස යුරෝපා සංගමය පිළිගෙන ඇත.

මේ වනවිට, ශ්‍රී ලංකාව සඳහා දෙවන විශාලතම අපනයන වෙළඳපොල වන්නේ යුරෝපා සංගමයයි. 2022 වසරේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ආදායම් උපයා ඇත..

2022 වසරේ අපනයනවලින් 54%ක කොටසක් ඇඟලුම් අපනයනය ලෙසින් පෙරමුණ ගෙන ඇති අතර, අනෙකුත් ප්‍රධාන අපනයන නිෂ්පාදන වන්නේ ටයර්, තේ, ඇඟලුම් භාණ්ඩ, දුම්කොළ සහ දියර පොල් කිරි ය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව 2023 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට සිදු කළ අපනයන සියයට 9.81 කින් ඩොලර් මිලියන 654.84 දක්වා ආදායම පහත වැටී ඇති බව සටහන් වී ඇත.

යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන භාණඩ අපනයනය කිරීමේදී තීරුබදු රහිත අපනයනයට අවස්ථාව සලසා දීම සහ GSP+ සහනයේ වැදගත්කම ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත අවධාරණය කළ අතර , මේ ලබාදුන් සහනයන් අඛණ්ඩව ලබාදෙන ලෙසද ‍යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...