දඹදිව සාංචි මහාබෝධි මහෝත්සවය අතිඋත්කර්ෂවත්ව මෙවරත්!

Date:

කොළඹ LNW:ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ධර්මාශෝක අධිරාජයා සිය ප්‍රිය දේවිය වූ විදිසා දේවි වෙනුවෙන් ඉදිකළ වර්තමාන ලෝක සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි සාංචි ස්තූප සංකීර්ණයේ වාර්ෂික අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශන මහෝත්සවය නොවැම්බර් 25 26 යන දෙදින මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහා බෝධි සංගමය හා මධ්‍ය ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත.

දිවංගත ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරු තුමාගේ ඉල්ලීමකට අනුව 1952 සිට අඛණ්ඩව පවත්වන මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය හා සාංචි මහාබෝධි මහෝත්සවය 71 වෙනි වරට මෙවර පවත්වන බව දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයට ලක්ෂයකට ආසන්න ඉන්දීය බෞද්ධ බැතිමතුන් ද ශ්‍රී ලංකාව, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවලින් බෞද්ධ සැදැහැවතුන් සහ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වැඩම කරන බව දැනුම් දී ඇතැයි බානගල උපතිස්ස නා හිමියෝ නාහිමියෝ පැවසූහ.

පැමිණෙන දෙස් විදෙස් බෞද්ධ භික්ෂූ භික්ෂූනීන් වහන්සේලාට සහ සැදැහැවතුන්ට අවශ්‍ය ආගන්තුක සත්කාර කිරීමට මහාබෝධි සංගමය,මධ්‍ය ප්‍රදේශ් රජය සහ අම්බෙක්කාර් බෞද්ධ සංගම් මේ වන විටත් කටයුතු සැලසුම් කර ඇතැයි සාංචි චේතියගිරි විහාරයේ හා සාංචි වන්දනා නිකේතනාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පැවසති.

විශේෂයෙන් උත්සව දිනවල බෝපාල් සහ තදාසන්න නගර වල සිට විශේෂ මගී ප්‍රවාහන සේවා ද සාංචි ඔස්සේ යන සියලු දුම්රිය මෙම දෙදින සාංචි දුම්රිය ස්ථානයේ නතර කිරීමට ද ඉන්දීය මධ්‍යම රජය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මෙවර සාංචි මහාබෝධී මහෝත්සවය මාධ්‍ය ආවරණය සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සහභාගී වන බවත්,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවය (94.3/94.5) ඔස්සේ විකාශය වන “සදහම් දහර” ඉල් පෝය වැඩසටහන මෙවර සාංචි චේතියගිරි විහාර පරිශ්‍රයේ සිට සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව ද සාංචි චේතියගිරි විහාරවාසී පූජ්‍ය උඩුගම තපස්සි හිමියෝ ප්‍රකාශ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...