*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

මම රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගපු මිනිහෙක් නෙමෙයි – දිලිත් කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගාල්ලේ අද (05) පැවති ජන හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ තමන් රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගපු කෙනෙක් නොවන බවයි.

තමා දේශපාලනයට උඩින් පාත් වූ අයෙකු නොවන බවත්, තමන් හොඳ දේශපාලන පරිචයක් සහිත අයෙකු බවත් දිලිත් ජයවීර මහතා කියා සිටී. කවුරුන් හෝ එසේ සිතනවානම් එය තමා පිළිබඳ ඉතාමත් වැරදි සහගත නිර්වචනයක් බවද ඔහු පැවසීය.

ඔහු තව දුරටත් ඒ පිළිබඳ පවසූ අදහස්,

” මම රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගපු මිනිහෙක් නෙමෙයි. මම රාජපක්ෂලාගේ සත පහක උදව්වක් ගත්ත මිනිහෙක් නෙමෙයි. මට කියන්න තියෙන්නෙ අපි හොඳ දේශපාලන පරිචයක් තියෙන පිරිස්. කවුරුහරි හිතනවනම් මේ උඩින් පාත් වුණා කියලා දිලිත් ජයවීර, අන්න එතන තමයි ඔබලාගේ වැරදිම නිර්වචනය. අපි හැමදේම කරේ රට වෙනුවෙන්, අපි අමාරුවෙන් රැකගත්තු සමාජ ප්‍රාග්ධනය අපෙ ව්‍යාපාර වල කීර්තිනාමය අද අභියෝගයට ලක් කරලා තියනවා . ඒ නිසා තමයි අපිව ඍජුව තීරණය කරන්නේ දේශපාලනයට එනවා කියලා. මේ රටේ දේශපාලනයේ වෙනසක් කරනවා , ඒකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ, යම්කිසි අවස්ථාවකදී මේ රාජපක්ෂ කඳවුර දූෂිතයි කියලා ඒ පිළිබඳ විවෘතව කතා කරපු පුද්ගලයෙක් මම, නමුත් අපිට කිසිදාක විකල්පයක් තිබුණේ මේ කදවුර වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් හොයාගන්න. ඒ නිසා තමයි අපි කඳවුරු තුළින්ම, ඒ පවුල තුළින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරා ගන්න උදව් කළේ , නමුත් ඔවුන් ඔවුන්ම ඒ කඳවුර පාවා දුන්නා , අපේ කඳවුර පාවා දුන්නා, මේ රටේ අද සුවහසක් මිනිස්සු මෙතරම් ආර්ථිකව දුක් විඳින්නේ ඒ කරපු වැඩේ නිසා බව මම කියන්න ඕන”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan