අනුර ගෙනියන්නෙත් රනිල්ගේ පාලනයේ දිගුවක් – වසන්ත යාපා බණ්ඩාර

Date:

කොළඹ LNW:නව රජය විසින් ගෙන යමින් සිටින්නේද රනිල් වික්‍රමසිංහ පාලනයේම දිගුවක් බව පැහැදිලිව ඇතැයි සමඟි ජන සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාරිමේන්තු මන්ත්‍රී නීතිඥ මහතා පැවසුවේය.

ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බව ඔප්පු වී ඇති බවත් මුදල් අමාත්‍යාංශයට හෝ පත්කිරීමට ලේකම්වරයෙක් නොමැති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් නොකර නිසි අයවැයක් ඉදිරිපත් කරන ලෙසයි ඔහු අවධාරණය කළේ.

”අද මේ රටේ ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අපිට පේනවා පහුගිය කාලයේ ජාතික ජන බලවේගයට විදියට මේ අය ආණ්ඩුවක් ලබාගත්තට මේ අයට කිසිඳු වැඩපිළිවෙළක් තිබිලා නැහැ ආණ්ඩුව තමන් අතට ආවට පස්සේ කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියලා. පසුගිය කාලයේ ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේගයෙන් ඇවිල්ලා කිව්වා අපිට වැඩපිළිවෙළක් තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩදාන්න කියලා.

ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට දාන්න ලේකම් කෙනෙක් හිටපු නැති නිසාම අර රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගන්න උනා. මහින්ද සිරිවර්ධන පත් කරේ ඇයි අනුර දිසානායකලගේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන්න හරිහමන් කෙනෙක් හිටියේ නෑ . කවුද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපති. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන. පහුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ IMF දිගුවක් තමයි මේ අය ක්‍රියාත්මක කරන්නේ.*අද අනුර කුමාර දිසානායක පොඩි රනිල්ගේ චරිතය ඉතාම ලස්සනට රගපාමින් ඉන්නවා. අපි අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා අතුරු සම්මත ගිණුම් දාන්න උත්සාහකරන්නේ නැතුව නිසි අයවැයක් ඉදිරිපත් කරන්න කියලා.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළකළේ අද (06) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...