හෝමාගමින් මතු වූ හෙරෝයින්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW :

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලිමකදී, හෝමාගම, වෑකන්ද පාරේ නිවසක තිබී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය, කිරිබත්ගොඩ, මොරටුව සහ හුංගම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වාර්හා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...