ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05:
ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අත්පත් කරගැනීමත් සමඟ එරට කොටස් වෙළෙඳපොළ දැඩි උච්චාවචනයකට ලක්ව තිබේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව මුලදී ඉහළ ගිය ඇමරිකානු කොටස් වෙළෙඳපොළ, පසුව දැවැන්ත පසුබෑමකට ලක්වීම විශේෂත්වයකි.

මෙම පසුබෑම හමුවේ එක් දිනක් තුළ ඇමරිකානු කොටස් වෙළෙඳපොළේ සමාගම්වල සමස්ත වෙළෙඳපොළ වටිනාකමෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.9ක් පමණ අහිමි වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම තාක්ෂණික සමාගම්වල කොටස් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර Nasdaq දර්ශකය සියයට 5.52කින් ද S&P 500 දර්ශකය සියයට 4.36කින් ද Dow Jones දර්ශකය සියයට 3.44කින් ද පහත වැටී තිබේ.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහ දත්ත මධ්‍යස්ථාන ආශ්‍රිත සමාගම්වලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර Nvidia සමාගමේ වෙළෙඳපොළ වටිනාකමෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 374ක් පමණ අහිමි වී ඇති බව සඳහන් වේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයත් සමඟ AI කර්මාන්තය, තාක්ෂණික සමාගම් සහ දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නියාමන ක්‍රියාමාර්ග හඳුන්වාදීමට ඉඩ ඇති බවට ආයෝජකයන් තුළ ඇති වූ අවිනිශ්චිතතාව මෙම පසුබෑමට බලපෑ සාධකයක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මෙය කොටස්වල වෙළෙඳපොළ වටිනාකම පහත වැටීමක් වන අතර එම මුදල සමාගම්වලින් සෘජුවම අහිමි වූ මුදල් ප්‍රමාණයක් ලෙස සැලකිය නොහැකි අතර ඇමරිකානු දේශපාලන බලතුලනයේ වෙනස්වීමත් සමඟ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් වෝල් වීදියේ අවධානයට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි...