*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ලලනා රග්බි කිරුළ එංගලන්තයට ද? නවසීලන්තයට ද

මෙවර කාන්තා රග්බි ලෝක කුසලානයේ අවසාන මහා තරගයට එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.තරගාවලියේ අවසාන පූර්ව තරග වටයට පිවිසි කණ්ඩායම් හතර දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හතරේ සිටීමත් විශේෂත්වයක්.ලෝක කුසලානයකදී බොහෝ වෙනස්කම් සිඳු විය හැකි නමුත් මුල් ශ්‍රේණිගත කිරීම් හී මුල් කණ්ඩායම් හතරේ පිළිවෙලින් සිටින එංගලන්තය,නවසීලන්තය,කැනඩාව සහ ප්‍රංශය තම ස්ථාන තහවුරු කර ගැනීමත් වැදගත් කරුණක් ලෙස ගත හැකියි.
ඔක්තතෝම්බර් 8 දා ඇරඹි මෙම තරගාවලිය මසකට වැඩි කාලයක් ගෙවා දමමින් නොවැම්බර් 12 වන දා සූරියන් එංගලන්තයද නවසීලන්තය ද කියා තීරණය කරන්නට නියමිතයි.කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ නවසීලන්තයත්,බී කාණ්ඩයේ එංගලන්තය සහ ප්‍රංශයත්,සී කාණ්ඩයේ කැනඩාවත් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.



අවසාන තරගයේදී තරගාවලියේ ලකුණු යන්ත්‍ර බවට පත් වී සිටින වැඩිම උත්සාහක දිණුම් ප්‍රමාණයක් ලැබූ නවසීලන්තයේ පෝර්ටියා වුඩ්මෑන් උත්සාහක දිණුම් හතක් වාර්තා කර තිබෙනවා.එසේම වැඩිම ලකුණුලාභියා වන එංගලන්තයේ එමිලි ස්ක්‍රාට් මේ වන විට එංගලන්තයට එකතු කර දී තිබෙන ලකුණු ප්‍රමාණය 38 ක්.
අවසා පූර්ව තරගයේදී ද එමිලිගේ ලකුණු යන්ත්‍රය කැනඩාවට එරෙහිව සක්‍රීය වූ අතර ඇය එහිදී එංගලන්තය රැස් කළ ලකුණු 26 න් එකොළහක් ලබා ගත්තා.ඒ නිදහස් පහර තුනකින් හා මෙම තරගයේදී එංගලන්තය ලැබූ උත්සාහක දිණුම් තුනෙන් එකක් ප්‍රවර්ථනය කරමින් එංලන්තයට ලකුණු 11 දායකත්වය ලබා දුන්නා.එහිදී ප්‍රතිවාදී කැනඩාවට ලබා ගන්නට ලැබුණේ ලකුණු 19 ක් පමණයි.



නවසීලන්තය සහ ප්‍රංශය අතර තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.එම තරගය නිමා වුණේ නවසීලන්තය ලකුණු 25 – 24 ක් සේ ජය ලබමින්.65 වන විනාඩියේදී නවසීලන්ත ලකුණු 25 ට 17 ක් ලබා සිටියදී ද ප්‍රංශ ක්‍රීඩිකාවන් සිය මනස තරගයේම පවත්වා ගනිමින් ජයග්‍රහණය රැක ගන්නට ලොකු සටනක් දුන්නා.ඒ අනුව 65 විනාඩියේදී රුමේන් මෙනාගර් ප්‍රංශයට අනගි උත්සාහක දිණුමක් ලබා දුන්නා.එහි ප්‍රවර්ථනය ද කැරොලයින් ඩ්‍රොයින් සාර්ථක කර ගැනීම නිසා ඔවුන් ලකුණු 24 ක් ලබා ගත්තා.

නමුත් අවසානයේ කාන්තා රග්බි කේෂ්ත්‍රයේ අංක එකට සිටින එංගලන්තය සහ අංක දෙකට සිටින සත්කාරක නවසීලන්තය අවසාන තරගය සදහා නොවැම්බර් 12 වන දින පස්වරු 7.30 ට ඒඩ්න් පාර්ක් හී දී මුහුණ දීමට සුදුස්කම් ලබා ගත්තා.එසේම ලෝකඩ පදක්කම සඳහා වූ තරගය එම පිටියේ පස්වරු 4.30 ට ආරම්භ වෙනවා.ඒ ප්‍රංශය සහ කැනඩාව අතරයි.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan