එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව හෙට දිනයේ ඊජිප්තුවේදී ඇරඹේ

එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව හෙට දිනයේ ඊජිප්තුවේ ආරම්භවනු ඇති බව වාර්තා වේ. දේශගුණික හදිසි අවස්ථා පිළිබඳ Cop27 සමුළුව තුළ සාකච්ඡා විය යිතු මාතෘකාවන් පිළිබඳ විවෘත්ත සැසිවාරයන් දැනටමත් පැවැත්වෙන් අතර ඉන් අනතුරුව හෙට දිනයේ 07 සිට 18 වන දින දක්වා සමුළුව පැවැත් වේ.

මෙවර සමුළුව යුක්රේන යුද්ධය හේතුවෙන් වන භූ දේශපාලනික ආතතීන්, ඉහල යන බලශක්ති සහ ආහාර මිල ගණන් සහ ලොව පුරා ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ සිදුවෙමින් පවතින හෙයින් ඊජිප්තු සත්කාරකයන් මෙවර සමුළුව හඳුන්වා ඇත්තේ අවම වශයෙන් දශකයක කාලයක් තුළ ඇති දුෂ්කරම සාකච්ඡා මාලාවක් ‌ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යකාලීන මැතිවරණය හේතුවෙන් ජෝ බයිඩන් මෙවර සමුළුවට ප්‍රමාද වී පැමිණීමට නියමිත අතර එක්සත් රාජධානියේ රිෂි සුනක්, ප්‍රංශයේ එමානුවෙල් මැක්‍රොන් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් ඇතුළු ලෝක නායකයින් 120 ක් පමණ සම්බන්ධ වන අතර චීනයේ ෂී ජින්පිං, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි නොපැමිණෙනු ඇත. එමෙන්ම පාරිසරික ගැටළු පිළිබඳ කැපී පෙනෙන හඬක් එක්සත් රාජධානියේ නියෝජනය වන III චාල්ස් රජුද මෙවර නොපැමිණෙනු ඇත.

දේශගුණ විශේෂඥයින් සහ උද්ඝෝෂකයින් පවසන්නේ, මෙවර මුළුවේදී ආන්තික කාලගුණයේ වඩාත්ම විනාශකාරී බලපෑම් වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදු වන හානි හේතුවෙන් ඔවුන් මුහුණ දෙන අභියෝගවලට පැහැදිලිවම විසඳුම් ලබා දීම සමුළුවේදී සිදු විය යුතු බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...