*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ධනිෂ්ක සිඩ්නිවලදී හොට පටලවා ගනියි

ධනිෂ්ක ගුණතිලක විනය විරෝධි හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රිකට් පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් යම් යම් චෝදනාවන්ට ලක් වූ අයෙකි.ඊට එක් හේතුවක් ලෙස ඔහුගෙන් ප්‍රකට වූ හැසිරීම් අතර මතු වූ දෙයක් වූයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම නිසා යම් යම් විශේෂ සැළකිම් ඔහුට හිමිවිය යුතු බවය.දකුණු පළාතේ මංගල උත්සවයකදී ඔහු යම් අකරතැබ්බයකට ලක් වූයේ ද එවැනි මානසිකත්වයකින් කටයුතු කරන්නට ගිය නිසා බව කලෙකට පෙර වාර්තා විය.

රටේ සාමාන්‍ය පුරවැසියන්ට නොමැති වරප්‍රසාද මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයාට තිබිය යුතු බව විශ්වාස කරන මානසික වියවුලක් තිබුණ බව ධනිෂ්කගේ ඇතැම් ක්‍රියාවන්වලින් පැහැදිළි වෙයි.මේ තත්ත්වය පදනම් කරගෙන හෝ වෙනත් ඊට ආසන්න කාරණා පදනම් කරගෙන ඔහුත්,කුසල් මෙණ්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලත් තහනමට ලක් වූ අවස්ථාවේ දී ඔහුට මනෝ විශ්ලේෂකයෙකුගේ ප්‍රතිකාර සහ උපදෙස් ද නියම විණි.ඒවායේ ප්‍රගතිය විමසා බැලිම කෙසේ සිදු වූයේ ද යන්න සමාජය නොදනිමු.නමුත් ධනිෂ්ක හිටියාට වඩා වෙනස් බවක් ඔහුගේ පිටියේ හැසිරීම්වලින් හෝ පෙන් වූයේ නැති බව ඇත්තය.

මෙවැනි අවස්ථා ගණනාවක් ධනිෂ්ක පසුපස හඹා ආවේය.වරක් ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම්වලට ද ලක් විය.නමුත් ඒ හැම අවස්ථාවකම ගැටළුව ඔහුට ගැටළුවක් නොවී විසදිණ.පොලිසිය එවර සොයාගෙන තිබුණේ එය ධනිෂ්කගේ මිත්‍රයෙකුගේ ගැටළුවක් බවය.කෙසේ හෝ නීතිය,සමාජ සාධාරණය දියුනු පොදු සමාජයකදි ධනිෂ්ක දැන් අවදානමට මුහුණ දි ඇත.බලහත්කාරය යන්න එවැනි රටක දැඩි දඬුවම් සහිත කාරණයකි.
සමන්ත අල්ගම සිය මුහුණු පොතේ පවසන ආකාරයට ඔහුට ලැබි තිබෙන තොරතුරු අනුව ධනිෂ්ක ඇයව හමුවීමට ඇයගේ නවාතැනට ද ගොස් ඇත.එහි ඇති කරුණුවලට අනුව එම හමුවීමෙන් පසුව ධනිෂ්ක ඇයගේ දුරකතන ඇමතුමකට හෝ පිළිතුරු දෙන්න පැමිණ නැත.එහි ස්වරූපය අනුව ඇත්තේ බලහත්කාරයකටත් වඩා ද්වේශ සහගත සේ මඟහැර යාමක් හෝ වංචාවක් වැනි කරුණක් වෙන්නට ද ඉඩ ඇත.
කෙසේ හෝ මීට පෙර අවස්ථාවක මේ සංචාරය තුළ ධනිෂ්ක රාත්‍රී සමාජ ශාලාවකදී පහරදීමකට ද ලක්ව ඇත.ආබාධයක් සහිතව විවේක ගන්වා තිබෙන ක්‍රීඩකයෙක් කණ්ඩායම සමඟ රඳවාගෙන සිටිනවානම් ඔහුගේ ආබාධය වැඩි වෙන ආකාරයෙන් හැසිරෙන්නට නොදීමත් කළමනාකාරීත්වයම භාරගත යුතුය.සමන්ත අල්ගම පවසන පරිදි ක්‍රීඩකයින් නිල නොවන උත්සව අවස්ථා සඳහා සහභාගි වී ඇත්නම් එයට ද වගකිව යුත්තේ ද කළමණාකාරීත්වය ය.

නමුත් ඕස්ට්‍රේලියානු පොලීසිය හරහා අප ලබා ගන්නට හැදූ තොරතුරුවලට ඔවුන් එක් කළේ සිඳුවීම පමණය.කිසිවිටෙක අදාළ තැනත්තිය ශ්‍රී ලාංකික ද නැද්ද යන්න හෝ ඉඟි නොකරන්නට ඔවුන් පරිස්සම් විය.ඒ අනුව නැගෙනහිර සිඩ්නි හී රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇත.ඔවුන් අතර මාර්ගගත ක්‍රමයට සිඳු වූ සබඳතා ද වන බව එහිදී අනාවරණය වී ඇත.පොලීසිය පවසනාකාරයට මේ වන විට රෝස්බේ ප්‍රදේශයේ අදාළ සිද්ධිය වූ ස්ථානය ද පරික්ෂාවට ලක් කර ඇත.නොවැම්බර් 6 වන දා අලුයම එකට පමණ ධනිෂ්කව අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිස් තොරතුරුවලට අනුව අත් අඩංගුවට ගැනීමට පාදක සිදුවීම සිඳු වී ඇත්තේ ඉකුත බදාදා දිනයේදී ය. පැමිණිල්ල පවසන්නේ ඒ පළමු රාත්‍රියෙන් පසුව ඔහු ඇය බැලීමට ගොස් නැති බවත් කිසි විටෙකත් ඇමතුම්වලට පිළිතුරු නොදුන් බවත්ය.මේ තත්ත්වය යටතේ ධනුස්කට පොලිසිය විසින් ඇප ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සඳුදා ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ධනිෂ්ක මේ තත්ත්වයට පත්වෙන්නේ සහ සහ එයින් රටේ කීර්තියට සහ ක්‍රීඩාවට හානිකර සිදුවීමක් සඳහා පෙළඹෙන්නේ විනයමය පරිසරයක් ඇති එය අධික්ෂණය කරන්නට කළමණාකාරිත්වයක්ද සිටියදී ය.රටේ වගකීම ඉටු කිරීම සදහා ක්‍රියා කරන ක්‍රීඩකයින් හැටියට මධ්‍යම රාත්‍රිය පසුවන තුරු මධ්‍යගත ක්‍රමයට ලිංගික සබඳකම් පවත්වන ක්‍රීඩකයෙක් කුමනාකාරයෙන් තමන්ට පැවරි ඇති ක්‍රීඩා කිරිමේ වගකිම ඉටුකරන්නට ඇද්ද යන්න සිතා බැලිය යුතුය.පෞද්ගලික ජිවිතයක් ක්‍රීඩකයාට ඇති නමුත්,වෘත්තීයක් යනු පිරිසකට සේවයක් කිරීමට බැඳීමකි.ඒ සේවය වෙනුවෙන් ලැබෙන වැටුප සිය පෞද්ගලික රුචි අරුචිකම් සඳහා යෙදවීම කිසිඳු ආකාරයේ ගැටළුවක් නොවන්නේය.නමුත් වැටුප සේවයට නොව පෞද්ගලික රුචි අරුචිකම් සඳහා පමණක් යොදවන්නේනම් එහි ගැටළුක් පැන නැඟෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න කතා කරන බොහෝ දෙනා වගකීම් පැවරුණ විට හැසිරෙන්නේ දේශපාලකයන් හැටියටය.මුරලිදරන් වැනි හිටපු ක්‍රීඩකයින් යම් යම් ආකාරයේ දේශපාලන ආශිර්වාදය ද සහිතව ක්‍රිකට් පරිපාලනය අස්සට ඇඟිල්ලක් දාන්න ඉඩ හදා ගත්තේ ක්‍රිකට් පරිපාලනය කණපිට හරවන තැනට කතා කියමින්ය.අනතුරුව සිඳු වූයේ ක්‍රිකට් පරිපාලනයටත් එහා ගිය තැනෙක සිට ක්‍රිකට් ගැන කතා කිරීමය.මහේල ජයවර්ධන තනතුරට පැමිණියේ ද,අන් කවරෙකුටත් වඩා හොඳින් කණ්ඩායම සකස් කිරීමට තමන්ට හැකියාව ඇති බව කියමින්ය.ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ආචාර ධාර්මික කරුණුවලට පවා පිටු පා ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුට්වේ ඉන්න අතරේම මහේල එම තනතුරේ සිට නොකරන බොදේ කළේ රාජපක්ෂ දේශපාලනයේ ආශිර්වාදයද සමඟය.පුහුණුකරුවෙක් ලෙස රටේවත් නොසිට වැඩ කළ අතර ඔහු එහි තවත් සීමාවක් බිඳ දමමින් ක්‍රිකට් ආයතනයේ දේශීය පුද්ගලයෙකුට වැටුප් තෙවන අකාරයට වෙනස් ආකාරයකින් ඩොලර් වැටුප් සහිතව වගකීමකට ද පත් විය.

ඒ මහේල ද ධනිෂ්ක හිරවෙන මේ කණ්ඩායම් කළමණාකාරීත්වයේ ඇත.මහේල සම්බන්ධ සිංහල ක්‍රීඩා සමාජයේම අයෙක් එහි කළමණාකරු සේ එක් විය.ඒ මහින්ද හලංගොඩ ය.ධනිෂ්ක දැන් හිර වී අවසන්ය.එහි ඇති නීතීමය තත්ත්වයන් අනුව ඔහු අතින් සිදු වි ඇති වරදේ ප්‍රමාණයට දඬුවම් හිමිවනු ඇත.නමුත් කණ්ඩායම ඇතුළත තිබෙන විනය පිරිහීමක් හේතුවෙන් එය සිදුව තිබෙන බව පිළිගත යුතුය.ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස සංචිතයේ නැති ටෙස්ට් සංචිතයේ ප්‍රබලයන්ද මේ කණ්ඩායම ඇතුළට පැමිණ පිටත සංචාරවලට එක්ව ඇත.එහිදී ඔවුන් එක්ව විනෝද වන පිංතූර ද හැමතැනකම සැරි සරමින් ඇත.ඒ නිසා ඉදිරියේදී තවත් බොහෝ දේ මේ සංචාරයේ ක්‍රීඩක හැසිරීම් සම්බන්ධයෙන් එළියට එන්නට ඉඩ ඇත.එවැනි තත්ත්වයකට කණ්ඩායම් කළමනාකාරීත්වයේ බුරුල හේතු වී ඇත්නම් ඒ ගැන සොයන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පසුබට නොවිය යුතුය.ක්‍රිකට් පෙනී හිටින්නේ රට වෙනුවෙන් ය.ඒ නිසා සිඳුවන සියලු සිඳුවීම් රටට ද අදාළය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිතය කෑම බීම හැසිරීම රටේ මිනිස්සු හසුරුවන්න යාම අනුචිතය.නමුත් රටේ සියලු මිනිස්සු වෙනුවෙන් හැසිරීම කියන කාරණය පදනම් කරගෙන විශේෂ ආදරයකින් ගෞරවයකින් සළකන රටට අගෞරවයක් නොවන සේ හැසිරෙන්නට ක්‍රීඩකයන්ට ඇත්තේ බරපතල වගකීමක්ය.යුතුකමක්ය.බියර් වීදුරුවකට සිගරට් උගුරකට ද හිටුවා පස් ගසන ආකාරයේ දඬුවම් නියම කරන්නට අපි යෝජනා නොකරන්නෙමු.නමුත් රටක නීතියට සදාචාරයට අනුව රටක් නියෝජනය කරන විට හැසිරෙන්න පුරුදු කරන්න සහ ඒ සීමාවන් ගැන ක්‍රීඩකයා දක්වන උනන්දුව ගැන සැළකිලිමත් වන්නට ක්‍රිකට් කළමණාකරුවන්ට යුතුකමක් ඇත.ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් ප්‍රධානීන් දක්ෂතාවයට දේශපාලනමය බලහත්කාරය ද එකතු කර කරණම්වලින් රැස් වළලු බැඳගත් අය ගැන කුමක් කියනු ඇද්ද?අර්ජුන රණතුංග ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සභාව සංචාරයෙන් පිට සිටි පිරිස්ද අල්ලා තමන්ගේ ඇරියස් යවා ගනු පිණිස ක්‍රිකට්ම උස්සා පොළවේ ගසන්න හදයිද? ධනිෂ්ක සකස් කර ඇත්තේ ක්‍රිකට් යුද්ධයකට ඉඩ ය.ඒ ඉඩ හදන්නට ඔහුට හැකි වූයේ කෙසේද යන්න නිවැරදිව කළමණාකරණය හරහා ප්‍රශ්න කර සහ ධනුෂ්ක වෙනුවෙන් වැයවෙන නිතිඥ ගාස්තුවලින් ක්‍රිකට් ආයතනය ඉවත්වීම වැනි කරුණු ද?ඒ වරද හරහා කුමන හෝ කළමණාකරුවෙක්ට ඕස්ට්‍රේලියන් නිතිය ඉදිරියේ අනුබලදීමක් සම්බන්ධ විමසීමක් පැමිණියහොත් ඔහු ද එය තනිව දරා ගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පිවිසිය හැකි පහුසම තැනයි.
ධනිෂ්ක අතින් වරදක් වූව ද ක්‍රිකට්වලට නිවැරදි වෙන්න බොහෝ තැන් එහි ඇත.එය ප්‍රයෝජනයට ගන්නට ක්‍රිකට්වලට බුද්ධිය පහළ විය යුතුය.කණ්ඩායම ධනිෂ්ක සිඩ්නි දමා පැමිණෙන බව පැවසුන ද,ආබාධ බව කියා කණ්ඩායම සමඟ රඳවා ගත් ඇතැම් ක්‍රීඩකයින් කණ්ඩායම සමඟ නොගොස් පර්ත්වල ද රැඳි සිටියේය.ඒවා ද ටිකක් අමුතු පහේ කළමණාකරන නිදහසක්ය.ඒ නිසා හදන්න පටන්ගන්න වැරදුණ තැනක්ම යොදා ගැනීම හොඳයි කියා අපි විශ්වාස කරන්නෙමු.
මේ සමඟ වන ඡායාරූපයේ ඇත්තේ මෙම සංචාරය තුළ ධනිෂ්ක ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan