*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඩොලර් ගෙනෙන සංචාරකයෝ…

ගෙවී ගිය මාස 10 පුරාවට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 06 කට ආසන්න බව එනම් 568,000 ක් බවත්, සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රමාණය එතරම් වේගවත් නොවුනත් ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීම 42,000ක් බවත් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා වන ශිරන්ත පීරිස් මහතා පවසයි.

නමුත් ඔවුන්ගේ විශ්වාසය වන්නේ එය ශීඝ්‍රයෙන් තවදුරටත් ඉහළට යනු ඇති බවයි. ශීත දේශගුණික සාධක අනුව දෙසැම්බර්, ජනවාරි මාස එළැඹීමත් සමග මාර්තු අඟ දක්වා පමණ හොඳ සංචාරක පැමිණීමක් බලාපොරොත්තු වේ. හෝටල් වෙන් කිරීම් ද දෙසැම්බර් 15 ත් 20 ත් දිනවලින් පසු දකුණු පලාතේ සංචාරක හෝටල් සඳහා විශාල ප්‍රමාණයෙන් හෝටල් කාමර වෙන් කිරීම් සිදුව ඇති බව ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණය ආයතනය පවසයි.

මේ අතර ලංකාවේ ප්‍රථම වතාවට “FIFA Football Fan Zone” නමින් නවතම සහ අලුත්ම ආකාරයට සිතමින් අලුත් වැඩක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා සම්මුතික අධිකාරියේ සභාපති තිසුම් ජයසූරිය මහතා පවසයි. එය නොවැම්බර් 18 සිට දෙසැම්බර් 18 දක්වා පවත්වාගෙන යන අතර ඒ සඳහා ලංකාවේ සුන්දර ස්ථානයක් ද හඳුනාගෙන ඇත. ඒ මීගමුව මුහුදු වෙරළ තීරය ආශ්‍රිතවයි.

මෙහි ප්‍රධාන අරමුණ වනුයේ කටාර් රාජ්‍යයේ දී මේ මස 18 සිට ආරම්භ කිරීමට නියමත FIFA පාපන්දු තරඟාවලිය නැරැඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සඳහා කටාර් රාජ්‍ය තුළ කාමර පහසුකම් ඇත්තේ කාමර 45,000ක් වැනි සුළු ප්‍රමාණයක් වේ. නමුත් FIFA තරගාවලිය ක්‍රීඩාංගණ 06 ක් තුළ තරඟ වදිනු ලබයි. ඒ අනුව එම ක්‍රීඩාංගණයක උපරිම ප්‍රේක්ෂක ධාරිතාව 85,000 වන අතර ඔවුන්ගේ නීතිය වනුයේ එම සෑම ක්‍රීඩාංගණයක්ම සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් පිරවිය යුතු බවයි.

එහිදී කටාර් රාජ්‍යයේ අපේක්ෂාව වන්නේ සෑම පාපන්දු තරඟයකින් පසුව තරඟ නැරැඹීමට පැමිණෙන සංචාරකයන් ඩුබායි, බහරේන්, ඕමාන් සවුදි වැනි රටවල තාවකාලික සංචාරය කරවා නැවතත් දින තුනක් හෝ හතරකින් පසු ඊළඟ තරඟ නැරඹීමට කටාර් රාජ්‍ය බලා ගෙන්වා ගැනීමයි.

නමුත් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුතික අධිකාරිය එක්ව රටට ඩොලර් ගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එනම් කටාර් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමනකට ගත වන්නේ පැය 04ක් වැනි කාලයකින් පැමිණීමට හැකි වීම සහ අනෙක් රටවල් සමඟ සැසදීමේදී අපේ රට තුළ FIFA තරඟාවලිය නැරඹීමට පැමිණි සංචාරකයන් සඳහා ඔවුන්ගේ මුදල් පසුම්බියට සරිලන ඉතා උසස් අයුරින් නවාතැන් පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

එහිදී ඩොලර් 650 න් ආරම්භ වන දින තුනක් නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට් පතක් ඇතුළුව ඉතාමත් ලාබදායී සහ පහසුකම් ඇති පැකේජයක් මේ දිනවල හඳුන්වාදීම ආරම්භ කර ඇත. මේ තුළින් රටට විදේශ විනිමය ඍජුවම ගලා ඒමක් ද බලාපොරොත්තු වේ. දින තුන අවසානයේ නැවතත් එම සංචාරකයන් කටාර් රාජ්‍යෙහි පැවැත්වෙන අනිකුත් පාපන්දු තරඟාවලි නැරැඹීමට පිටත්ව යනු ඇත.

මෙම වැදගත් වැඩපිළිවෙළ සාර්ථක වීමෙන් රටට මහත් සේවයක් සිදුවේ. ප්‍රධාන අරමුණ වන්නේ සංචාරක පැමිණීම සහ එමඟින් රට තුළට ඩොලර් ගලා ඒම සහ අපේ ශ්‍රී ලංකාව විදේශ සංචාරකයන් පිළිගැනීමට, ආගන්තුක සත්කාර අතරින් ඉහළම ස්ථානයේ තවමත් වැජඹෙන බව ලොවට පෙන්වීමේ බලාපොරොත්තුවයි .

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11. 06

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan