*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/06

1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පී. වන්නිආරච්චි, සී.බී. රත්නායක සහ එස්.එම්. චන්ද්‍රසේන, ලංකා කම්කරු කොංග්‍රසයේ ජේ. තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී. දිසානායක, සහ එක්සත් ජාතික පක්ෂයේ ඩබ්. අබේවර්ධන කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කරන බවට ඉඟියක් – සමඟි ජන බලවේගයෙන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු ද මීට එකතු වීමට නියමිත බවට වාර්තා පළවේ.

2. නවතම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට චීනය ඇතුළු සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණයහිමියන් සහභාගී වූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත් වසර අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ඉඩ ඇති බවත් පවසයි.

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළ බවට වාර්තා පළවෙයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ “නැමීමට” එරෙහිව උන්වහන්සේ විසින් අනතුරු ඇඟවූ බවට ද එම වාර්තාවල සඳහන්වෙයි – ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නොවන දේශපාලනඥයන්ට ඡන්දය ලබා නොදෙන බවට ජනතාවගෙන් ඉල්ලා සිටි බවට ද එම වාර්තාවල සඳහන්.

4. ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2022 සැප්තැම්බර් හි පැවති ඇ.ඩො. මිලියන 1,779 සිට 2022 ඔක්තෝබර් වන විට ඇ.ඩො. මිලියන 1,704 දක්වා සියයට 4.2 කින් තවදුරටත් පහත වැටී ඇත – 2022 වර්ෂයේ 02 වන හා 03 වන කාර්තුවල එකතු වී ඇති නමුත් ගෙවා නොමැති විදේශ විනිමය ණය ඇ.ඩො. බිලියන 3.2 ලෙස ඇස්තමේන්තු කර ඇත – ණය පැහැර හැරියහොත් විදෙස් සංචිත ඉහළ යනු ඇති බවට මීට ඉහත “ආර්ථික ඔස්තාර්වරුන්” විසින් ඉදිරිපත් කළ තර්කවලට මේ වන විට වලංගුභාවයක් නොමැති බව ද සිහිපත් කළ යුතුය.

5. වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ධුරකාලයේ පළමු දින 210 තුළ මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් (“මුදල් මුද්‍රණය”) රු. බිලියන 713 ක විශ්මයජනක අගයක් වාර්තා කරයි – පොලී අනුපාතිකය තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක පවා, එය දිනකට සාමාන්‍ය අගයක් වශයෙන් රු. බිලියන 3.4 කි – මෙම දෛනික නිකුතුව වීරසිංහට පෙර මහබැංකු අධිපතිධුරය හෙබවූ කබ්රාල් සහ මහාචාර්ය ලක්ෂ්මන් ගේ සමයේ පැවති දෛනික නිකුතුවට වඩා සියයට 54 කින් වැඩිය.

6. පළාත් පාලන ආයතන කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා පංච පුද්ගල ජාතික සීමා නිර්ණ කමිටුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පත් කරන ලදී – එහි සභාපතිත්වය හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දරනු ඇති බවට වාර්තා!

7. සංචාරක හෝටල් කර්මාන්තය නරක අතට හැරෙමින් පවතින බව සංචාරක හෝටල් සමාගමේ සභාපති එම්. ශාන්තිකුමාර් ප්‍රකාශ කරයි – සංචාරක පැමිණීම් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් අඩු බව අනාවරණය කරයි – හෝටල් කළමනාකරුවන් පවසන්නේ වසරේ ඉතිරි මාස 2 සඳහා ද එතරම් බලාපොරොත්තුවක් නොමැති බවයි.

8. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ඇ.ඩො. මිලියන 100 ක ‘යටිතල පහසුකම් ආයෝජන’ කැනේඩියානු ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවට ලැබීමට ඉඩ ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි – මේ පිළිබඳ වැඩිදුර විස්තරයක් ලබා දී නොමැත.

9. සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උපත ලද 45 හැවිරිදි “දේවි” ඇතින්නගේ ජීවිතය විඳවීමෙන් තොර මානුෂීය අයුරින් අවසන් කළ බව (euthanised) San Diego සත්වෝද්‍යානය නිවේදනය කරයි.

10. එංගලන්තය, අවසන් ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු කාණ්ඩයේ තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරයි – ශ්‍රී ලංකාව 141/8 (පන්දුවාර 20); එංගලන්තය 144/6 (පන්දුවාර 19.4) – නවසීලන්තය සහ එංගලන්තය පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan