*
Friday, April 26, 2024
spot_img

Latest Posts

වඳුරු උණ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ නිවේදනයෙන් පසුවත් සමරිසියන් ඉලක්ක කරන්නේ ඇයි?

ඉකුත් දින ශ්‍රී ලංකාවේ පළමු වරට වඳුරු උණ හෙවත් මංකිපොක්ස් ආසාදනය වූ පුද්ගලයකු වාර්තා වූ බවට පුවත් පළවුනා. මෙම පුද්ගලයා වයස අවුරුදු 19 ක කටාර් හි සිට පැමිණි පුද්ගලයකු බවයි වාර්තා වුනේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබුවා. එපමණක් නොවෙයි, එම පුද්ගලයා මේ වන විට සුවෙන් පසුවන බවත්, වඳුරු උණ තත්ත්වය පිළිබඳව ජනතාව කිසිසේත්ම අනියත බියකින් පසුනොවිය යුතු බවත්, මෙය ව්‍යාප්ත විය හැක්කේ පුද්ගලයන් අතිශයින්ම සමීප ලෙස ඇසුරු කිරීමෙන් පමණක් බවත්, දැනට මේ සඳහා ශ්‍රී ලංකාව තුළ අවදානමක් නොමැති බවත්, එය ආවේක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියා.

මීට ඉහත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වඳුරු උණ තත්ත්වය ලිංගික වශයෙන් සම්ප්‍රේශණය විය හැකි බවට අනාවරණය කර සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද මීට දින දෙකකට ඉහත (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද එය තහවුරු කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පළවීමත් සමඟ පුවත් සිරස්තලවල මතුවූ වැදගත්ම කරුණක් වනුයේ වඳුරු උණ තත්ත්වය පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි අතර ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් හඳුනා ගෙන ඇති බවයි. මෙම ප්‍රවණතාවේ විද්‍යාත්මක වශයෙන් ඇති සත්‍යතාව අවභාවිතා කරමින් එය සමරිසි ප්‍රජාවට අවමන් කිරීමට විදෙස් මාධ්‍ය පමණක් නොව බොහෝ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය පවා කටයුතු කර තිබුණා. ඇතැම් මාධ්‍ය ආයතන “වඳුරු උණ සමලිංගිකයන් හරහා ව්‍යාප්ත වන” බවට ඉතාම නින්දිත පුවත් සිරස්තල පවා පළකර තිබුණා.  

ඉන් අනතුරුව මෙම ප්‍රකාශවල ඇති බරපතලකම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා නිවේදනයක් නිකුත් කළ අතර, සෞඛ්‍ය ආපදා තත්ත්වයක් අතරතුර වෙනස්කොට සැලකීම්වල ප්‍රවණතා නිර්මාණ කිරීමේ ආදීනව පෙන්වා දීමට එම සංවිධානය කටයුතු කළා.

දැන් වාර්තා වන අන්දමට, ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ ආසාදිත පුද්ගලයා වාර්තා වීම සමඟ “වඳුරු උණ සමලිංගිකයන් හරහා ව්‍යාප්ත වන” බවට මාධ්‍ය විසින් නිර්මාණය කළ මිත්‍යාව යළි කරලියට පැමිණ තිබෙනවා. දිවයිනේ එක්තරා ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් විසින් මීට අදාළව පුවතක් ඊයේ (05) දින වාර්තා කර ඇති අතර, විවිධ ප්‍රජා ගෘෘප් අතර පවා වඳුරු උණ ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමට අදාළව එම පුද්ගලයාගේ ගෞරවය පමණක් නොව මුළුමහත් සමරිසි ප්‍රජාවම අවමානයට ලක්වන පරිද්දෙන් වඳුරු උණ සමරිසියන් විසින් ව්‍යාප්තකරන බවට විවිධ මත පළකිරීම ආරම්භ කර තිබෙනවා.

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි යනු කවුද?

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි, හෙවත් Men who have Sex with Men (MSM) යනු ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එච්අයිවී ප්‍රතිචාරය තුළ එච්අයිවී නිවාරණය නිර්දේශපාලනීකරණය (depoliticisation) කිරීම සඳහා හඳුන්වා දුන් වෛද්‍ය විද්‍යාත්මක පදයක් වන අතර, ඊට හේතුව නම්, පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි ලෙස හඳුනාගෙන තිබෙන කාණ්ඩය තුළ සමරිසි (Gay) පමණක් නොව, ද්වීරිසි (Bisexual) සහ විෂමරිසි (Heterosexual/Straight) පුරුෂයන් පවා සිටින බවට තහවුරු කරගෙන තිබීමයි. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සහ සොයාගැනීම් අනුව MSM කාණ්ඩය එච්අයිවී සඳහා අධි අවදානමක් තිබෙන ප්‍රජාවක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, එම පදනම මත මෙම පදය වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා වේ. එය ද එසේ භාවිතා වන්නේ ඔවුන් හුදෙක් පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි නිසා ම නොව, ඔවුන් අතර ප්‍රචලිත ලිංගික ක්‍රියාවල ස්වභාවය මත පදනම් ව ය.

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය

“ලිංගික චර්යාව යනු පුද්ගලයකු අනෙකා සමඟ ලිංගිකව සම්බන්ධවන ආකාරය කෙසේද යන්නයි. ලිංගික චර්යාව සෑම විටම පුද්ගලයකුගේ ලිංගික දිශානතිය මත පුරෝකථනය නොවේ. උදාහරණයක් ලෙස, පුද්ගලයකු තමා කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරුණද, නොහැසිරුණ ද, පෞද්ගලිකව හෝ සමාජීයව සමරිසි හෝ ද්වීරිසි ලෙස අනන්‍යතාවයක් හඳුනා ගත්ත ද නොගත්ත ද, පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමියකු ලෙස හඳුනාගෙන තිබිය හැක. මෙම සංකල්පය භාවිතා කිරීම ප්‍රයෝජනවත් වන්නේ, මීට විෂමරිසි ලෙස හඳුනාගන්නා එහෙත් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන පිරිමින්ද ඇතුළත් වන බැවින් සහ මහජන සෞඛ්‍ය මැදිහත්වීම් හරහා ඔවුන් ආවේක්ෂණය නොවන බැවිනි.”

Sexual behaviour is used to describe the way in which an individual sexually engages with others. Sexual behaviour is not always determined by an individual’s sexual orientation. For instance, an individual can be identified as a man who has sex with other men (MSM) regardless of whether or not they have sex with women or have a personal or social gay or bisexual identity. This concept is useful because it also includes men who self-identify as heterosexual but have sex with other men and would not otherwise be reached through public health interventions.

Reference taken from UNAIDS. UNAIDS Terminology Guidelines. UNAIDS, 2015 (http://www.unaids.org/sites/default/files/media_asset/2015_terminology_guidelines_en.pdf).

වඳුරු උණ ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ ඇති ඉහළ සම්භාවිතාව මත MSM කාණ්ඩයේ ලිංගික චර්යාව මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වඳුරු උණට අදාළව MSM කාණ්ඩය උදෘත කරන්නට ඇත. එහෙත් අප සිහියේ තබාගත යුත්තේ, MSM යනු සමරිසි පුද්ගලයන් නොවන බවයි. MSM කාණ්ඩය තුළ සමරිසි, ද්වීරිසි මෙන්ම විෂමරිසි පුද්ගලයන් ද සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිල වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ වඳුරු උණ ව්‍යාප්තිය සඳහා ප්‍රවණතාවයක් නොමැති බවත්, එය පාලනය කර ගැනීමට අවේක්ෂණය ශක්තිමත්ව ක්‍රියාත්මකවන බවටත් සහතික කර තිබියදී එක් ප්‍රජාවක් ඉලක්කකර මෙවන් ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීම අනුමත කළ හැක්කක් ද? මෙමඟින් රෝග ව්‍යාප්තියක් අරඹයා සමාජයේ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවක් ඉලක්කවනවා පමණක් නොව සමරිසි ප්‍රජාව ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වූ පිරිසක් බවට කිසිසේත්ම විද්‍යාත්මක පදනමක් නැති මතයක් නිර්මාණය කිරීමට ද සමාජය පෙළඹෙනවා.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan