එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබාගැනීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයට නඩුවක්

Date:

ශ්‍රී ලංකා මුහුදේදී 2021.05 .20 වන දින කොළඹ වරාය වෙත පැමිණි , එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා , සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය හමුවේ නඩුවක් පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී තිබෙන්නේ එම නෞකාවට අදාළ ප්‍රශ්නය ගැන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හා නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු අතර පසුගිය සතියේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ ඇමතිවරයා ගෙන්වා වැඩිදුර තොරතුරු හුවමාරු කරගත් අවස්ථාවේදී ය.

මේ වනවිටත් එම නැව ගිනි ගැනීමෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා පෙත්සම්කරුවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ. එබැවින් , නැව් සමාගමට විරුද්ධව ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් හමුවේ නඩු පැවරිය හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා ද දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. එම අවස්ථාවේදී අදාල වන්දි ගැනීමේ කටයුතු ඉක්මන් කරගත යුතු බව ජනාධිපතිවරයා පෙන්නා දී ඇත.

මේ අනුව , නීතිපතිවරයා පවසන ආකාරයට සිංගප්පූරුවේ තිබෙන බේරුම්කරණ අධිකරණ හමුවේ අදාළ නැව් සමාගමට විරුද්ධව නඩු පැවරිය හැකි බව හා ඊට පෙර මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයට දැනුම් දිය යුතු බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙන් ම, ඉල්ලන වන්දි ප්‍රමාණයත් එයට ඇතුළත් කරන්නයි ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ඒ අනුව අධිකරණ ඇමැතිවරයා මගින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ය.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.06

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...