ඩයනාගේ සිද්ධියට අදාළ පාර්ශව අද කැඳවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේලය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

එම පත්කරනු ලැබූ කමිටුව අද (06) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර, එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය. ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

එහිදි අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව මේ පිළිබඳ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතය.

මේ වන විට මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ ද සහාය ලබාගැනීමට තීරණය කර ඇති අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා එක්වීමට නියමිතය.

මේ අතර මෙම කමිටුව මඟින් සිදුකරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාර අහිමි වන බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...