LA 2028 වගකීම ට්‍රම්ප් පිට පැට වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 07,(LNW) කොළඹ :

ලොස් ඇන්ජලීස් නගරය කේන්ද්‍ර කර ගනිමින් 2028 වසරේදී පවත්වන්නට නියමිත ඔලිම්පික් තරගාවලියේ සැළසුම් සකස් කිරීම සහ ඊට අවශ්‍යය වියදම් වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයා ගැනීමේ දුෂ්කරතාවයකට සංවිධායකයන් මුහුණ දි සිටියි.විශේෂයෙන් ප්‍රවාහනය මෙන්ම කාබන් දහනය අඩු කිරීම සඳහා ද වන සැළසුම් සකස් කිරීම පහසු නැත.කාර්ය බහුලකම මෙන්ම අවිවේකීව ක්‍රියාත්මක වන නගරයක් වන ලොස් ඇන්ජලීස් නගරයේ කාබන් දහනය අවම කිරීමට වාහන භාවිතය අවම කිරීම වෙනුවට වෙනත් උපාය මාර්ග මඟින් කාබන දහනය අඩු කිරීමට අවධානය යොමු කිරීම ආදියද දරන්නට වන වියදම් ඉහළ දැමීමට හේතුවක් වෙමින් පවතියි.

මේ තත්ත්වය ජය ගැනීම සඳහා මේ වන විටත් ලොස් ඇන්ජලීස් පුරපතිණි කැරෙන් බාස් උපක්‍රම සොයමින් සිය කණ්ඩායම සමඟ වෙහෙසෙමින් සිටින අතර ජනාධිපතිනරණයෙන් පසුව ඇාමරිකානු ප්‍රධාන රජයේ ආශිර්වාදය සහ ආධාර ලබා ගැනීම සම්බන්ධ සැළසුම් ගැන ද කියැවෙමින් තිබිණ.

එහෙත් ලොස් ඇන්ජලීස් නගර කොට්ඨාශය මෙන්ම කැලිෆෝනියා ප්‍රාන්තයේ වැඩි බලය හිමි වූයේ ට්‍රම්ප්ට නොවන අතර කමලා හැරිස් වැඩි ඡන්ද ප්‍රමාණයකට හිමි කම් කී ආසන අතර ලොස් ඇන්ජලීස් ආසනයේ දී කමලා හැරිස් සියයට 63 ක ප්‍රතිපලයක් ද ලබා ගෙන ඇත.මේ තත්ත්වය මත ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් චරියක් වන හෙයින් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ප්‍රධාන ආණ්ඩුවෙන් ආධාර උපකාර ලැබීමේ අවින්ශ්චිතතාවයක් ද පැන නැඟෙන්නට හැකියි.

එහෙත් රාජ්‍යතාක්ත්‍රිකව තීරණ ගැනීමට පළපුරුද්ද ද යොදා ගනිමින් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්වල ලැබෙන ගෞරවය සහ කීර්කිය කමලා පීරිස් ට පමණක් නොව රටටම හිමි එකක් බව තේරුම් ගන්නට පමා නොවනු ඇතැයි සුබවාදීව බලා සිටීම සහ ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීම වැදගත් වනු ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...