සයිබර් මූල්‍ය වංචා වැළැක්වීමට රජයේ අවධානය!

Date:

කොළඹ LNW:සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචාවන් වැළැක්වීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට රජයේ අවධානය යොමු කර තිබේ.

වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන සන්නිවේදන උපක්‍රම හරහා ජනතාව වංචාවන්ට ගොදුරු කර ගැනීමේ සිදුවීම් වාර්තා වන බවට නිරීක්ෂණය වී තිබෙන අතර වට්ස්ඇප් ගිණුම් හිමියන්ගේ ගිණුම් හැක් කිරීම මගින් ඔවුන්ගේ සබඳතා ලැයිස්තුවට අයත් සෙසු පුද්ගලයින් වෙත පණිවුඩ යොමුකර මුදල් ආධාර ඉල්ලීම සිදුවෙන බවටයි සොයා ගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයන්ගේ දුරකතනයට ලැබී ඇති යම් කේතයක්, රහස් අංකයක් හෝ මුරපදයක් තමා වෙත ලබාදෙන මෙන් කරන ඉල්ලීම් මගින් අපරාධකරුවන් සිය මූල්‍ය වංචාවන් සඳහා අවශ්‍ය තාක්ෂණික ප්‍රවේශය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

තම සමාජ මාධ්‍ය ගිණුම් අන් අයගේ ග්‍රහණයට ලක්වීම වළක්වා ගැනිම සඳහා දුරකතනයට හෝ සමාජ මාධ්‍ය ජාලා ගිණුමට ලැබී ඇති යම් කේතයක්,රහස් අංකයක් හෝ මුරපදයක් බාහිර පාර්ශව වෙත යොමු කිරීමට පෙර එම පාර්ශවයේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වන අතර යම් ආකාරයකින් සයිබර් මූල්‍ය වංචාවකට මුහුණදීමට සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි යොමුකළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...