අනුරට පාර පෙන්වන්න හදන දිලිත්!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වී තිබෙන අතර දැන් අවශ්‍ය වන්නේ ඔවුන්ට පාර පෙන්වීමට බව සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

අනුර කුමාර දිසානායක මහතා විසින් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කිරීමට නොහැකි බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (06) මීගමුව කඳසුරිඳුගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

“අපි කරන්නේ පොරොන්දු දේශපාලනයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන් දේ පමණක් කතා කරන දේශපාලනයක් අපි කරන්නේ. අපිට ඕනේ අපේ සහෝදර ජනාධිපතිතුමාට ඒ පාර පෙන්වන්න. ඔහු පොරොන්දු වුණු බොහෝ දේ ඉටු කරලා නැහැ. ඉෂ්ට කරන්නත් බැහැ. විදුලි බිල 40%කින් අඩු කරනවා කිව්වා. කරන්න බැහැ. පෙට්‍රල් මිල රුපියල් 200 කරනවා කිව්වා. අන්තිමට සල්ලිකාරයෝ ගහන 95 විතරක් අඩු කළා. ඔබට මුකුත් නැහැ. අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් පොල් රුපියල් 140 වුණ ක්‍රමය. බිත්තර මිල වැඩි වුණ ක්‍රමය. සරල සංකල්ප. භාණ්ඩයක මිල හැදෙන විදිය. මේවා දන්නේ නැහැ. මාකට් එකට ගිහින් නැත්නම් කොහොමද දන්නේ. අපි එදා සිට කතා කළේ ජාතිකත්වය සහ ව්‍යවසායකත්වය ගැන. අද අමෙරිකාවේ ට්‍රම්ප් කතා කරන්නෙත් ජාතිකත්වය සහ ව්‍යවසායකත්වය ගැන. මං හිතනවා ට්‍රම්ප්ගේ ප්‍රතිඵලයෙන් ලංකාවේ ඉන්න අය මොනවා හරි ඉගෙන ගනී කියලා.” යනුවෙන් දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...