Admiral (Retd) Harry Harris ප්‍රමුඛ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

අද ( 07) දින ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ Admiral (Retd) Harry Harris ප්‍රමුඛ නියෝජිත පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ඇමරිකානු දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහඳ කතාබහක
නිරත වී ඇත .

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ සාමාජිකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද, සිදු කර තිබෙන බව සඳහන් වේ

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් ද, සහභාගි වී ඇත.

ඉන් අනතුරුව, එක්සත් ජනපද නියෝජිත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් නදීක කුලසේකර සහ ජ්‍යෙෂ්ඨ
සහකාර ලේකම් මයුරි පෙරේරා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී තොරතුරු හුවමාරු කර ගැනීමේ කෙටි සංවාදයක් ද, පවත්වා තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...