ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ලෙබනනයේ කෆාර් ඩූනීන්, ටේයර් ඩෙබ්බා සහ සව්තාර් අල්-ෂාර්කියා නගරවලට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

මාස 13 ක සටන් අවසන් කරමින් හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර වසරකට පමණ පෙර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමක් තිබියදීත් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව සඳහන් කර තිබුණේ, හිස්බුල්ලා සංවිධානය නැවත සන්නද්ධ වීම වැළැක්වීමේ උත්සාහයක් වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

කෙසේ නමුත්, ගිවිසුමේ නියමයන් යටතේ හිස්බුල්ලා සංවිධානය නිරායුධ කළ යුතු අතර, දෙපාර්ශ්වයම එකිනෙකාට වෙඩි තැබීම නතර කළ යුතු අතර ඊශ්‍රායලය ලෙබනන් භූමියෙන් ඉවත් වීමට නියමිය.

කෙසේ නමුත්, ඊශ්‍රායලය තවමත් ලෙබනනයේ ස්ථාන පහක් පාලනය කරන අතර ලෙබනන රජය හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීමට සහ ආයුධවල ඒකාධිකාරය රාජ්‍යය සතු බව සහතික කිරීමට කැපවී සිටී. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩාවලින් 85% ක් පමණ නිරායුධ කර ඇති බවත්, වසර අවසන් වන විට එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීමට ඉලක්ක කර ඇති බවත් එහි සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෛත්‍රී අල්ලස් කොමිසමට යද්දී ගොඩහේවා CID යයි

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ...

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...