නාමල්ගේ සැකය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :

පක්ෂ පාට භේදයෙන් තොරව මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.

තවද, මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ, පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ළඟ ජාතික ජනබලවේගයේ ගුරු සංගමයට සම්බන්ධ විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මාලිමා මන්ත්‍රී වරිය නිසා පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරියේ ඔවුන් දැයි සැකයක් මතුවන බවයි.

ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ, පසුගිය කාලයේදී මෙරටින් මත්ද්‍රව්‍ය හමුවන සෑම වස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මෙවර මත්ද්‍රව්‍ය සඳහා චෝදනා කරන්නේ කාටදැයි ප්‍රශ්න කරන බවයි.

මෙවර අත්අඩංගුවට ගත් සැකකරුද රඳවා ගැනීමේ නියෝග ලබාගෙන පසුපස සිටින දේශපාලඥයන් සොයාගත යුතු බවද පවසන ඔහු , පාර්ලිමේන්තුවේ සිටින 159 දෙනාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් කුඩු විකුණුවීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක නොකළහොත් නැවතත් සියයට තුනට වැටීම නතර කළ නොහැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...