පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම මත වාහන ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“රාජ්‍ය ආයතනවල දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත් පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහොමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අලුත්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. 2015 දී රාජ්‍ය වාහන අලුත්වැඩියා කිරීමේ පිරිවැය රුපියල් බිලියන 7යි. 2020දීත් රුපියල් බිලියන 7යි. 2025දී මේ වනවිට රාජ්‍ය වාහන අලුත්වැඩියා කිරීමේ පිරිවැය රුපියල් බිලියන 25යි. ඒ කියන්නෙ මොකක්ද මේ වාහන හොඳටම පරණයි. අවුරුදු 20ට වඩා පැරණි වාහන තියෙනවා. ඩීසල් පාවිච්චිය ඉතාම අසීරු තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රාජ්‍ය වාහන සංචිතය අලුත් කරන්න ඕනෙ. එකඟයි නෙ ? මෙම තත්වය රජය අපේක්ෂා කරන අතර සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වෙලා තිබෙන මෙම තත්වය සලකා බලා රාජ්‍ය ආයතන සඳහා අත්‍යාවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම මත ලබාදෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12500ක් වෙන් කිරීමට යෝජනා කරනවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...