රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW :
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් , 2026 වර්ෂය සඳහා වන අයවැය අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි අයවැය එයයි. මෙරට 80 වැනි අයවැය ලෙස පස්වරු 1.30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවලිය මෙසේය.
- විසර්ජන පනත් කෙටුම්පතේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3740 දක්වා රුපියල් බිලියන 60කින් අඩු කෙරේ
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයක ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්
- විදුලි සංදේශ බදු පනත සංශෝධනයට
- 2026 ජනවාරියේ සිට නවීන බදු විගණන රාමුවක්
- 2026 අපේ සිට තීරු බඳු අනුපාත 0%,20%,20%,30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි.
- වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා
- ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක්.
- 2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ තුනකින් ඉහළට
- විනිවිද භාවය කාර්යක්ෂමතාව මත පදනම් වූ නව බදු ක්‍රමයක්
- සුදුසුකම් සපුරා ඇති මාස හයකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරයි.
- දුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරයි.
- විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරයි
- දුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් වැඩිි කරයි
- රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක්
- අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල තවත් වැඩි කරයි
- 2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
- රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්
- 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරයි
- රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක්
- 2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
- රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.
- ලංකා සීනි පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක්
- රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යලි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.
- රාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක්
- රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා විභාග වලට ලියන්නැයි පාරේ සිටින සැමට ආරාධනා
- රාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි
- වර්තමානයට අවශ්‍ය නොවන ආයතන දහතුනක් ඈවර කරයි
- එකම අරමුණකින් ඇති රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරයි
- වාණිජ නොවන සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන වසා දමයි
- ළමා රැඳවුම් නිවාස වල සිට සමාජගත වූ දරුවන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා මිලියන දෙකක ප්‍රතිපාදනයක්.
- උතුරු නැගෙනහිර නිවාස 2500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5000ක්
- නාය යාමය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක්
- වතු කම්කරුවන් සඳහා නිවාස දෙදාහක් ඉදිකිරීමට මිලියන 4290ක්
- කැලණි වලි දුම්රිය මාර්ග සංවර්ධනයට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මිලියන 840 ක්
- නාගරික වතු ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් මිලියන 15000
- සෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක්. සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක්. අඩු ආදායම්ලාභී නිවාස හැත්තදාහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිවාස දසදහසක් ඉදි කිරීම සඳහා තවත් මිලියන තුන්දහසක්.
- වීදි සුනඛයන්ගේ රැකවරණය සහ සුරතල් සතුන් භූම දානය පහසුකම් ඇති කිරීමේ නියමු වැඩසටහනක් සඳහා රුපියල් මිලියන සීයක්.
- පළාත් පාලන ආයතන වල යටි තල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක්.
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
- රත්නපුර නගර සංවර්ධනයට රුපියල් මිලියන පන්සීයක්.
- හැටන් නගරයේ තදබදය අවම කර සංවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සීයක්
- යාපනය ඇහැලියගොඩ මඩකලපුව හලාවත මාතර ඇතුළු හඳුනාගත් නගර දහයක් සංවර්ධනයට සක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 2000ක්
- කටුනායක ගුවන්තොටුපළ සංවර්ධනයට ජයිකා ආයතනයේ එකඟතාව
- වරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට
- රේගු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව වැඩපිළිවෙලක්.
- රජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්
- බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන එනවා
- විදුලි සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ පද්ධති සුහුරු තාක්ෂණය ඔස්සේ දියුණු කෙරේ
- මාර්ග ආරක්ෂණ වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන දහසක්
- සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්
- රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1m500ක්
- කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන දහසක්
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34,200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10,500ක්
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34,200ක්
- පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන
- ලංගම බස්රථ 307ක ගෙවී ගියේ එන්ජින් කට්ටල ප්ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලෙන 2062 ක් ලබන වසර සඳහා වෙන්කර තිබෙනවා
- ලංගම ඩිපෝවේ වැඩපොළවල් සඳහා අවශ්‍ය නව මෙවලම් යන්තරෝපකර සහ උපකරණ සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 790ක් වෙන්කර තිබෙනවා
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙත නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කර තිබෙනවා
- කාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට වැඩසටහනක්
- දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85,700ක්
- කළුගං මෝය වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 100ක්
- මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන දහසක්
- ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
- සේනානායක සමුද්‍ර සොරෝව්වුව ප්‍රතිසංස්කෘතිෘති ආරම්භ කිරීම ඇතුළුව ගල්ඔය රාජාංගනය හුරලොව මින්නේ ඇතුළු අනෙකුත් ඇලවේලි ප්‍රතිසංස්කරණ කට සඳහා රුපියල් මිලියන 6,500 ත් වෙන්කර තිබෙනවා
- වාරි කර්මාන්ත නගා සිටීම සඳහා රුපියල් මිලියන 91,.700ක් වෙන් කරලා තිබෙනවා
- සමුද්‍ර ජීවි තාක්ෂණය සහ මුහුදු පත් ලසම්පත් සංවර්ධනය කිරීම මගින් අක්කර ගත හැකි ආර්ථිකය ප්‍රතිලාභ පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලෙන සියයක් වෙන් කිරීමට යෝජනා කරනවා
- ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා රුපියල් මිලියන 350ක්
- අක්කර පාට වඩා අඩු පොල් ඉඩම් හිමියන් දිරිගැන්වීම සඳහා විධිමත් සානාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කිරීමට යෝජනා කරනවා
- ගවයන් සහ සූකර අභිජනන වැඩසටහන සඳහා රුපියල් මිලියන දහසක්
- දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන දහසක්
- 2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්
- දඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්
- ලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
- ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.
- චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස
- ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්
- නාට්‍ය හා රංග කලාව සාහිත්‍යය ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන 50ක්
- අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක්
- සිවිල් ආරක්ෂක නිලධාරීන් පන්දහසක් වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරයි
- විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
- වනජීවි සංරෂාරමේන්තු කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන දේශීය 294 සහ නවීන සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය
- විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දායකත්වය ඉස්සරහා වැඩක් ක්‍රමයද හඳුන්වා දෙනවා මූලික වැඩකටයුතු කඩමින් සිදු කර 2026 වසර තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා
- කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 200ක්
- වතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල් 1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.
- ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20,750ක්
- පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.
- ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන්කළ මිලියන 4250 ප්‍රතිපාදවලට අමතරව රුපියල් මිලියන 2720ක් වෙන් කිරීම
- මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
- ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
- වසර පහක් ඇතුලත රෝහල් නවීකරණය කරනවා
- රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා
- රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීමට මිලියන අටදාහක්
- ආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සඳහා රුපියල් පන්දහසක දීමනාවක්.
- අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට පන්දහසක දීමනාවක්.
- මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
- වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක්
- ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.
- දඹුල්ල සහ දෙනියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලෙන දාහක්
- නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16කින් යුතු ජාතික හෘද ඒකකයක් පිහිටීමට අවශ්‍ය මූලික වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.
- පෞද්ගලික අංශයෙට ආබාධ සේවකයන් බඳවා ගන්නවා නම් රුපියල් 15000ක් දක්වා වැටුපෙන් උපරිමයට යටත්ව වසර දෙකක් රජයෙන් ගෙවීම් කරනවා
- මහපොළ රු 10,000 ක් ඉහළට – ශිෂ්‍යාධාර රු 9000ක් දක්වා ඉහළට
- ආබාධ සහිත දරුවන් පාසල්වලට යොමු කිරිමේ අරමුණින් එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 50ක්
- අස්වැසුමට රුපියල් මිලියන 9000ක්
- 2025 වසරේදී සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6000 දීමනාව 2026 දී ලබා දෙනවා.
- ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශවිම් සහතික කිරිමට රුපියල් මිලියන 1000ක්
- ආබාධිත සහිත ප්‍රජාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. රුපියල් මිලියන 19000ක්
- ඔටිසම් සහිත දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500ක් වෙන් කරනවා
- වෘත්තිය පුහුණු අධ්‍යාපනය අභිවෘද්ධය වෙනුවෙන් රුපියල් මිණියන අටදහසක්
- රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා
- ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
- මත්කුඩු වසංගතය කිසිවක් නොදන්නා දරුවාගේ පාසල් බෑගයද ආක්‍රමණය කරනවා. සෑම අතින් අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා
- පර්යේෂණ වාණිජකරණය සඳහා ආණ්ඩුවෙන් මූල්‍යාධාර
- අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්
- ඔටිසම් තත්වෙන් සහිත දරුවන් වෙනුවෙන් දිවා සුරකු මධ්‍යස්ථානය ඉදිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයක් සමාජ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ දැනටමත් සිදු කරමින් පවතිනවා එය තවත් වැඩි දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 100 ක් හා සමාජයා දෙපාර්තමේන්තුවට රුපියල් මිල 4477 වෙන් කර තිබෙනවා. එම කාර්යයක් තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර රුපියල් මිලියන පන්සීයක් වෙන් කිරීමට යෝජනා කරනවා .
- ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා
- තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා 2026 වසරට රු. බිලියන 267ක්
- ගෞරවාන්විත සුවපහසු දිවියක් වෙනුවෙන් 2026 වසරට රු. බිලියන 169ක්
- ආරක්‍ෂිත , කාර්යක්‍ෂම පරිසර හිතකාමී සහ තිරසාර ප්‍රවාහන සේවයක් 2026 වසරට රු. බිලියන 456ක්
- Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්
- අධ්‍යාපනයේ ගුණාත්මක බව, සමානාත්මතාවය හා විශිෂ්ඨත්වය ළඟාකර ගැනීම 2026 වසරට රු. බිලියන 704ක්
- කිව්.ආර් කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.
- online ගෙවීම් වලදී සේවා ගාස්තු අය කිරීම නතර කරනවා.
- සුවපත් සමාජයක් සඳහා නිරෙෝගී දිවි පෙවෙතෙක් 2026 වර්ෂයට රු. බිලියන 654ක්
- මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා
- ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25,500ක්
- පුරවැසියාගේ දත්ත සුරක්ෂිතතාව තහවුරු කරනවා
- 2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.
- ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
- ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
- රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කරනවා.
- බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේදී අරඹනවා
- අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන දහසක්.
- සංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්
- බේරේ වැව සංවර්ධනයට රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා
- ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.
- රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා.ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘති වල යොදවනවා.
- හපුතලේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් කිරීමට කටයුතු කරනවා.
- බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට රුපියල් මිලියන 5900ක්
- කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්
- කර්මාන්ත සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන දහසක්
- ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට නව ක්‍රමවේදයක්
- ජාතික තනි වෙළඳ කවුළුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්
- ජාතික සංවර්ධන සැලැස්ම සවිබල ගැන්වීම සඳහා අමතර රුපියල් මිලියන 250 ක්
- ඇප රහිතව ව්‍යසායකයන්ට ණය ලබාදීම සඳහා දුන් පොරොන්දුව ඉටුකර තිබෙනවා.ඒ සඳහා රුපියල් මිලියන හත් දහස දක්වා තවදුරටත් මුදල් වෙන් කරනවා.
- ඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියනය සීයක්
- ආයෝජනය ගෙනෙන විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්
- ආයෝජන කලාප ආශ්‍රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන දහසක්කු
- කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතනදෙකෙහි ණය ගෙවා පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා
- ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර සංවර්ධන පනත ලබන වසරේ සංශෝධනය කරනවා.
- ආයෝජන සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දෙනවා
- ආර්ථික වර්ධනයට රැකියා උත්පාදනයට සහාය
- ආයෝජන හිතකර සමාජයක් ගොඩනගනවා
- මෙවර අයවැය හිඟය 5.2 දක්වා අඩුවෙනවා.
- සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.
- රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් 20% මට්ටමට ගෙන ඒම අපේ අරමුණයි.
- මේ නීති රාමුව අනාගත කම්පන රට ආරක්ෂා කරනවා. බදු ගෙවන හැම රුපියලකටම අප වග කියනවා
- පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා
- පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා
- පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900 කින් ඉහළ ගොස් තිබෙනවා
- කොටස් වෙළඳපොළ දිනපතා වාර්තා තබමින් සිටිනවා
- විරැකියාව 4.5 % සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා
- රාජ්‍ය ආයෝජන සියයට හතරකින් ඉහළ දැමීමට කටයුතු කරනවා
- විරැකියාව පහත දමන්නට අපට හැකියාව ලැබුණා
- 2026 දී දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම සියයට 15.3 දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.
- විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලා ගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කරනවා
- ග්‍රාමීය දිළිඳු බව බව සඳහා පොහොසත් ගමක් බිහිකරනවා.
- මේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා
- ආර්ථික ඉලක්ක එකක්වත් අප අත හරින්නේ නැහැ.
- වසරේ මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
- 2028 වසරේ ඉන්නෙත් අපි. ඒ ණය ගෙවන්නෙත් අපි.
- පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.
- ණය ගෙවීමට බැරි වෙනවා වැනි සාවද්‍ය ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගත යුතු නැහැ
- අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා.
- ඒ නිසා කවුරුත් ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.
- අපේ ණය ප්‍රතිශතය සියයට 95 ඉලක්කයට දැනටමත් ලංවෙමින් තිබෙනවා
- 2025 වසරේදී ඇමෙරිකා ඩොලර් මිලියන 430කින් ආනයන වියදම ඉහළට
- අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා.
- ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමඟ සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
- රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා.
- පළමු අයවැයෙන් දැමූ අඩිතාලම දෙවැනි අයවැයෙන් තවත් ශක්තිමත් කරනවා
- මහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා.
- එස් වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා
- බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
- මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
- බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
- මුදල් ශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා.
- බදු සහන ලබාදීම් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිද භාවයක් ඇති කරනවා
- 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
- වගකීම් ඉටු ඉටුකට ආපහු සත්වන නිලධාරීන්ට දඩ මුදල් පැනවීම සඳහා ජාතික විගණන පනත සංශෝධනය කළා
- ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
- ආයෝජනවල පැහැදිලි ප්‍රගතියක් අත්වී තිබෙනවා
- රාජ්‍ය ආදායම 16%ක මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
- විදේශ සංචිත මේ වසර අවසන් වනවිට අ.ඩො.බි. 7කට ගෙන ඒමට අපේක්ෂිතයි
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 2030 වන විට ණයබරතාව 87%ක් දක්වා ගෙන ඒමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
