පුවත් ඉන්ධන මිල සූත්‍රය ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් November 7, 2022 FacebookXPinterestWhatsApp මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයෙහි වෙනසක් සිදුනොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්ඡාවචනයන්ට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 01 වනදාට සහ 15 වනදාට මිල සංශෝධනය කෙරේ. එසේ නිශ්චිත දිනවල මිල සංශෝධනය කිරීමෙන් තමන්ට ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බව කියමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ බෙදුම්කරුවන් පසුගිය දිනවල විරෝධය ප්‍රකාශ කර තිබුණු අතර එම ක්‍රමවේදය වෙනස් කළයුතු බව ද පවසා තිබිණි. RN