සටහන – තිසර සමල්
කොළඹ (LNW) : පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු කිහිපයක් හැර තිබේ.
මෙලෙස වාන් දොරටු හැර තිබූ රාජාංගනය ජලාශයේ ජල මට්ටම අඩි 35.5 ක් පමණ වූ අතර අඩි 6 බැගින් ගේට්ටු : 4 ක්, අඩි 4 බැගින් ගේට්ටු 2 සහ අඩි 2 බැගින් ගේට්ටු 2 වශයෙන් මෙලෙස වාන් දොරටු 8ක් හැර ඇත.
ඉන් පිටවන ජල ප්‍රමාණය (තත්පරයට ඝණ අඩි 10850) කළාඔයට මුදා හැරේ.
අංගමුව ජලාශයේ ජල මට්ටම ද අඩි 21.8 ක් විය. විවෘත කරඇති වාන් දොරටු ගණන 2ක් වූ අතර එහි දී පිටවන ජල ප්‍රමාණය (තත්පරයට ඝණ අඩි 4100)ද කළාඔයට මුදා හැර තිබේ.