සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝල ‘සුන්නා’ STF අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද සමඟ ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘සුන්නා’ නැමැත්තාව මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (06) මීගමුව පොලිස් වසමේ, මේරියන් පෙදෙස, කුඩා පාඩුව යන ලිපිනයේ වැටලීමක් සිදුකර තිබූ අතර, එහිදී, මෙම 25 හැවිරිදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා භාරයට ගත් ටී 56 ගිනිඅවිය පසුගිය දා මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පැන පියෙකු හා පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනිඅවිය බවට අනාවරණය වී ඇති අතර, අදාළ ගිනිඅවිය දකුණේ සහ බස්නාහිර පළාත්වල අපරාධ හා මනුෂ්‍ය ඝාතන රැසක් සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...