සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සාඩීනියා වෙරළ තීරයෙන් 4 වැනි සියවසේ මුහුදුබත් වූ නෞකාවක තිබී ලෝකඩ කාසි 30,000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
ඉතාලියේ සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම පෞරාණික දෑ “සුවිශේෂී හා දුර්ලභ සංරක්ෂණයක” පවතින බවයි.
ආධුනික කිමිදුම්කරුවෙකු නොගැඹුරු ජලයේ ලෝහමය යමක් දැක ප්‍රාදේශීය බලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මෙම සොයාගැනීම සිදු කර තිබිණි.