වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW :

කළුතර මහ නගර සභා අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (07) රාත්‍රීයේ මෙම වෙඩිතැබීමක් සිදුව ඇති අතර එය ව්‍යර්ථ වී ඇති බව පොලිසිට පවසයි.

එ අනුව, කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් මෙලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා වන අතර, මොහු ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ද ව්‍යර්ථ වී ඇති බව සඳහන් වේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබී හමුව ඇති බව වැඩිදුරටත් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...