චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 07, (LNW) කොළඹ:ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියේදී බ්‍රස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව ජයක් වාර්තා කරන්නට සිඩ්නි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා.එහිදී චමරි අතපත්තු සිඩ්නි ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වන්නට සමත් වුණා.

ආරම්භක පිතිකාරිණිය ලෙස චමරි ලකුණු 39 ක් පන්දු 25 දී රැස් කළ අතර එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් විස්ස නිමාවෙද්දී සිඩ්නි ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 170 දක්වා යන්නට චමරිගේ එම පිතිකරණය දායක වුණා.නායිකා පෝබේ ලිටිච්ෆීල්ඩ් ලකුණු 40 ක් ලබා ගත් අතර හේදර් නයිට් නොදැවී ලකුණු 59 ක් රැස් කරන්නට සමත් වුණා.සිඩ්නි කණ්ඩායම එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් කැප කළ කඩුලු 5 න් 3 ක්ම ලකුණු 22 ට දවා ගන්නට ජෙස් ජොනස්සන් සමත් වුණා.

පිළිතුරු ඉණිමට පැමිණි බ්‍රස්බේන් කණ්ඩායම පන්දු ඕවර් 19.1 දී සියල්ල දැවී ලකුණු 151 ක් පමණක් ලබා ගත්තා.එම කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී ග්‍රෙස් හැරිස් ලකුණු 41 ක් රැස් කළ අතර පන්දු 37 න් ලකුණු 55 ක් ලබා ගනිමින් චාලි නොට් බ්‍රිස්බේන් කණ්ඩායම ජය මාවත දෙසට හැරෙව්වා.එහෙත් එය ආපසු හරවන පන්දු යැවීමක යෙදුණු සමන්තා බේට්ස් ලකුණු 25 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ විරවරිය වෙද්දී,චමරි පන්දු ඕවර් 4 ම යවමින් ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණුනා.

තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://es.pn/4fBWDJN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ...

අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...

අශෝක ජයතුංග e කොළම.

🍎ජනපති හා ආණ්ඩුව මෙන්ම ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම.?🍎බදු සාකච්ඡා...

ජපන් ක්‍රිකට්වලට ශ්‍රී ලංකාවේ සහය

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: නැගෙනහිර සහ පැසිපික් ආසියානු කළාපයේ...