ප්‍රංශ සවාරිය ප්‍රංශයට පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 08,(LNW) කොළඹ :

ලෝකයේ විශිෂඨතම පාපැදි සූරයන්ගේ සිහින අතර ඉහළින්ම තිබෙන ප්‍රංශ පාපැදි සවාරියේ ගමන් මඟ මෙවර ප්‍රංශය ඇතුළතට පමණක් සීමා වෙන බව වාර්තා වෙනවා.යුරෝපයේ තවත් රටවල් ස්පර්ශ කරමින් ගමන් ගත් ප්‍රංශ සවාරිය මෙවර ප්‍රංශය ඇතුළතට සීමා කරන්න සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
මේ අනුව සවාරියේ තරග නිම කරන සථාන සහ ආරම්භ කරන ස්ථාන ලෙස නව නගර 8 ක් නම් කරන්නද පියවර ගෙන තිබෙනවා.


Lauwin-Planque (අදියර 2 ආරම්භය)
Bayeux (6 අදියරේ ආරම්භය)
Chinon (9 අදියරේ ආරම්භය)
Ennezat (10 අදියරේ ආරම්භය)
Le Mont-Dore Puy de Sancy (10 අදියරේ නිමාව)
Bollène (අදියර 17 ආරම්භය)
Vif (අදියර 18 ආරම්භය)
Mantes-la-Ville (21 අදියරේ ආරම්භය)


තැනිතලා මාර්ග 7 ක් සහ කඳුකර මාර්ග 6 ක් ඇතුළත වෙන මෙවර සවාරියේ කඳු ඉහළ නිමා කිරීම් පහක්ම ඇතුළත් කර තිබෙනවා. අදියර 21 ක් ඇත: පැතලි වේදිකා 7 ක්, කඳුකර වේදිකා 6 ක්, Hautacam, Luchon-Superbagnères, Mont Ventoux, Courchevel Col de la Loze සහ La Plagne Tarentaise යන ස්ථාන එම කඳු ඉහළ තරග නිමා කිරීම් ස්ථානයි.අදියර 21 ක් ඇතුළත වන මෙවර ප්‍රංශ සවාරියේ තරගකරුවන්ට තරණය කරන්නට හමුවන උස්ම ස්ථානය මීටර් 2 304 ක් උසැති Col de la Loze නම් කර තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...