යල්පැනගිය,දුෂිත චක්‍රය දැන් ඉවරයි. දැන් ඕනේ අවංක දේශපාලනයක් – දිලිත්

Date:

කොළඹ LNW:දැන් රටට අවශ්‍ය වන්නේ අවංකත්වයේ දේශපාලන බව සර්ව ජන බලයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.

එම නිසා එඩිතර විපක්ෂය පාර්ලිමේන්තුව තුළට යා යුතු වන බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.

යල්පැනගිය,දුෂිත චක්‍රයට හසුවුණු දේශපාලනය අවසන් කරමින් රට ඉල්ලා සිටින අවංකත්වයේ දේශපාලන ඇති කළ යුතු වන බව ඔහු කියාසිටියි.

”සුමාන තුනයි. බිලියන් දෙකයි. දැන් මෙහෙම ණය එකතුකරගෙන යනකොට උපාය මාර්ගික වැඩපිළිවෙලකින් තොරව අපිට පුළුවන් සර්ව ජන බලය සතුව ඇති උපාය මාර්ගික වැඩපිළිවෙල පිටුවෙන් පිටුව පැහැදිලි කරදෙන්නට අපි ඇති කරන ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවේ. ඒ ප්‍රශස්ත පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරන්නේ ඔබට සැපයක්,සතුටක් ඔබගේ නෙතගට සිනහවක් ගෙන එන සතුටු දැයක් සංකල්පය මත පිහිටා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ එකට. ඒ යල්පැනගිය දුෂිත චක්‍රයට හසුවුණ දේශපාලනය අවසන් කරමින් මේ රට ඉල්ලා සිටි මේ රටේ තාරුණ්‍ය ඉල්ලා සිටි, මේ රටේ කාන්තාවන් ඉල්ලා සිටින,නූපන් දරුවන් ඒ ගැබ තුළ ඉල්ලා සිටින අවංකත්වයේ දේශපාලනය,සහනුකම්පාවේ දේශපාලනය ඔබට අවශ්‍යයි. ඒ නිසයි එඩිතර විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕනේ.” යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...