නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම දැඩි තීරණයක!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

ප්‍රබල වාහන සමාගමක් වන නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව, නිසාන් සමාගමේ සේවකයින් 9000කට පමණ රැකියා අහිමිවනු ඇති බවත්, මෙම සමාගමේ නිෂ්පාදන අලෙවිය ලොව පුරා පහළවැටීමත් සමග සේවක කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් සඳහන් වේ.

නිසාන් සමාගමේ මෙහෙයුම් ලාභ පුරෝකතනය අනුව  මෙම වසර තුළදී පමණක් එම සමාගමේ ලාභය සියයට 70කින් පමණ පහළ යනු ඇති බවට අනුමාන කෙරෙන අතර, සේවක කප්පාදුව හරහා සමාගමේ පිරිවැය ඉතිරිකර ගැනීමේ උත්සාහයක සමාගම නිරත වන බව වාර්තා වේ.

තවද, නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුපෙන් හරි අඩක් කපා හැරීමට තීරණය කර ඇති අතර අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් ද කප්පාදුවකට ලක්වනු ඇති බවට සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...