අධික වර්ෂාව නිසා ජන ජීවිතයට බාධා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

බදුළු ඔය ජල මට්ටම වැඩි වී ඇති බවත් ඒ හේතුවෙන් ඒ අවට ජීවත් වන පුද්ගලියින් විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී තිබේ. ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

මේ අතර හාලිඇළ – වැලිමඩ මාර්ගයේ 100 කිලෝමීටර් කණුව අසල නායයාමක් සක්‍රීය වීම හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව ඇති බවත් , මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර ඇත.

තවද, පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (08) උදෑසන සිට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවූ බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි. හේරත් මහතා පැවසුවේ, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස විශාල සංඛ්‍යාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවට ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින ආපදා සහන නිලධාරීන් මඟින් තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

අද පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහනුවර – යාපනය A9 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව ගොස් ඇති අතර , අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

නගරය ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර – යාපනය A9 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට අධික කාලයක් සිට අවහිර ව තිබුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...