වැසි තත්වයේ වෙනසක් – අද (08) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්...

විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.

සටහන- නිශ්මං රණසිංහ  නොවැම්බර් 08,  කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද ?

අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්ම ගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි...