ජනාධිපතිවරයා පච වට්ටෝරුවක් කිව්වා. 2026 අයවැය යනු ජනතා සහන නැති IMF අයවැයක් විතරයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (07) ඉදිරිපත් කළ අයවැය මහපොළොවේ සිට හැදූ එකක් නොවන බවත් අද රටේ ජනතාව ඛේදනීය තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් දුප්පත්කම වැඩිවී විරැකියාව වැඩිවී කර්මාන්ත පද්ධතිය කඩා වැටී ඇති බවත් රටේ දළ දේශීය නිෂ්පාදනයට 50% දායකත්වය ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ජන ජීවිත අඩාල වී ඔවුන් රැකගැනීමට මේ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ගොවි ගැටලුවලට, ධීවර කම්කරු ස්වයං රැකියා නියුක්තිකයින්ට, විරැකියාවේ සිටින උපාධිධාරීන්ට කිසිම විසඳුමක් නොමැතිව ඔවුන් අනාථ වී ඇති බවත් මේ අයවැය යනු පචයෙන් බොරුවෙන් මංමුලාවෙන් ඇන්දවීමෙන් පැවත්ම ඉදිරියට ගෙන යන අයවැයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා රට ගොඩනගන්නට නිති රිති රාමුවක් නිර්මාණය කරන බව පැවසු නමුත් අද වන විට රජයට සම්බන්ධ අය කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇති අවස්ථාවේ පොලිස්පතිවරයා මේ සම්බන්ධ තොරතුරු මාධ්‍යට නොදෙන්නට චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් එදා රජය කුඩු ජාවාරම ගැන මාධ්‍ය සංදර්ශන කළත් අද මාලිමා රජය කුඩු ජාවාරමට හසුවු පසු මේවා සඟවන්නට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙය දිව දෙකේ රජයක් බවත් මේ අයවැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා බවත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අයවැයේ යෝජනාවලට වෙන් කර ඇත්තේ සොච්චම් මුදලක් බවත් 2025 අයවැය වෙන් කරන විට එම වෙන් කරපු මුදල්වල ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු වුවත් එය තවමත් ඉදිරිපත් කර නොමැති බවත් එම තොරතුරු නොදුන් මුදල් ඇමතිවරයා හෙවත් ජනාධිපතිවරයා අද බොරු වට්ටෝරුවක් ඉදිරිපත් කර ඇති බවත් මේ අය නැවත නැවතත් ජනතාව රවටන බවත් තවමත් රජයට හිතක් පපුවක් නොමැති බවත් කිසිම සංවේදී භාවය නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් පැවැත්වූ අයවැය කතාව අවසන් වූ පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය...

INFOTEL 2025 BMICH හිදී විවෘත වේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා තොරතුරු...

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්...

විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.

සටහන- නිශ්මං රණසිංහ  නොවැම්බර් 08,  කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...