ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඔහුගේ නිලධාරීන්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 37 දෙනෙකුට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සමබන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව තුර්කියේ පවසයි.

ලැයිස්තුගත කර ඇති සැකකරුවන් 37 දෙනා අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් සහ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයල් සමීර් යන අය සිටින බව ඉස්තාන්බුල් නීතිපති කාර්යාලයේ ප්‍රකාශයේ සඳහන්ව ඇත.

2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය ක්‍රමානුකූලව සිදු කර ඇති ජන සංහාරය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් තුර්කියේ නිලධාරීන්ට චෝදනා කර ඇති අතර 2023 ඔක්තෝබර් 17 වන දින අල්-අහ්ලි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිත 500 ක් අහිමි වීම, වින්දිතයින්ට මානුෂීය ආධාර ලබා ගැනීම අවහිර කිරීම, ඊශ්‍රායල සොල්දාදුවන් හිතාමතාම වෛද්‍ය උපකරණ විනාශ කිරීම ඒ අතර වේ.

2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 68,875 ක් මිය ගොස් 170,679 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුර්කියේගේ මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරෙන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමෙන් වසරකට පමණ පසුවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...