ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

Date:

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන බව පිළිගන්නේ යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසුවේය.

හොඳ දේට හොඳ යැයි කීමට පැකිලීමේ අවශ්‍යතාවක් නැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”ඊයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය කතාව සම්බන්ධයෙන් හුදු දේශපාලනයෙන් ඔබ්බට ගිය තර්කයක් සහ දත්ත මත ගොඩනැගුණු ධනාත්මක විවේචනයක් කරන්න මම මේ ගරු සභාවේ බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා. හොඳ දෙය හොඳයි කියන්න පැකිලෙන්න අවශ්‍ය නැහැ.”

කෙසේවෙතත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වෙත ඩබල් කැබ් 1775ක් මිලදී ගැනීමේ ක්‍රියාපාටිපාටිය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි මන්ත්‍රීවරයා පැහැදිලි කළේ.

එම මිලදී ගැනීමේ ටෙන්ඩරයට ඇතුල් වීමට ආයතන කිහිපයකටම අවස්ථාව ලැබිය යුතු වුවද ඉතාම පටු කොන්දේසි හමුවේ ආයතන දෙකක් පමණක් ඊට ඇතුල් වී ඇති බවත් ටෙන්ඩරය අවසන් කිරීමට දින 42ක් ලබා දිය යුතු වුවත් එය 12ට අඩු කර තිබුණු බවත් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ටෙන්ඩරය තහනම් කර ඒගැන විමර්ශනයක් කළ යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...