රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

Date:

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 740 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 31,436 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 16ක් සෘජුව හඳුනාගෙන ඇත.

වරෙන්තුකරුවන් 322ක් මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

බීමත් රියදුරන් 16 දෙනෙකු හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4869 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...