*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ජනතාව මහපොළොවේ දුක් විඳිද්දී ඇමතිවරු අහසේ සුරසැප විඳිනවා – සජිත් (VIDEO)

නැවතත් ඇමති සූදුව ආරම්භ වී ඇති බවත් මුදලට මන්ත්‍රීවරු බා ගැනීම ආරම්භ කර ඇති බවත් ජනතාව එළවපු රාජපක්ෂලා කියූ ආකාරයට ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පත් කර ඇති බැවින් එවැනි දූෂිතයන් සමඟ කිසිදු දිනක සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු එකතු නොවන බවට විශ්වාසයෙන් කිව හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සකස් කර ගැනීම සදහා මුදලට මන්ත්‍රීවරු ලබා ගන්නා මුත් රටේ සාමාන්‍ය ජනතාවට එදා වේල හොයා ගැනීම පවා අභියෝගයක් වී ඇති බවත් ඊට අමතරව විරැකියාව, මන්දපෝෂණය වැනි තත්ත්ව නිසා ජන ජීවිතය විනාශ වී මහපොළෙවේ දුක්විදිමින් පොදු ජනතාව සිටින විට වත්මන් ආණ්ඩුවට අවැසි වී ඇත්තේ රාජපක්ෂ පවුල බේරා ගැනීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ බිහි වන සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ දේශපාලනීකරණයට ලක් නොවූ වැඩපිළිවෙළක් හරහා හොරා කන මුදල් සහ අපේ රටෙන් අරන් ගිය ඩොලර් නැවතත් රටට ගෙන එන බවත්ය.

එමෙන් ම උනුත් එකයි මුනුත් එකයි කියා කියන කතාව එක පැත්තකින් හරි බවත් පසුගිය වසර 74ක් තුළ හිටපු විපක්ෂය සිදු කළේ රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ මිස ජනතාව වෙනුවෙන් සේවය නොකිරීම බවත් ආණ්ඩුව සිදු කළේ ජනතාවගේ බදු මුදල් සහ රාජ්‍ය ආදායම උපයෝගී කර ගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බවත් එම නිසා උනුත් එකයි මුනුත් එකයි කියන අයත් එක හා සමාන බවත් එසේ කියන අය සුනාමි වංචාව සිදු කළ රාජපක්ෂලාව බලයට ගෙනා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ අයට සාපේක්ෂව තමන් ඇතුළු විපක්ෂය වෙනස් බවත් ය.

විපක්ෂයේ සිට වුවත් සජිත්ට වැඩ කරන මුදල් කොහෙන්ද කියා ප්‍රශ්න කරන අයට දිය හැකි සරලම උත්තරය වන්නේ සජිත් ප්‍රේමදාස කිසි දිනක සියයට 10, 20 පගා සහ කොමිස් නොගන්නා කෙනෙක් නිසා දානපතියන් බිය නොවී මුදල් ලබා දෙන බවත් එම මුදල් පවා අතට නොගෙන අදාළ බස් සමාගම්, පරිගණක නිපදවන සමාගම් වෙත සෘජුවම දානපතියන් හරහා මුදල් යොමුකර අදාළ භාණ්ඩය පමණක් ලබා ගන්නා නිසා මේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් තිබෙන බවත් ඒ විනිවිදභාවය ඔස්සේ විශ්වාසයක් ගොඩ නැගී ඇති බවත් ය.

ඊට අමතරව වෙනත් පක්ෂ කයිවාරු ගැසීම් සිදු කළත් සෝබන වැඩ සිදු කළත් ප්‍රායෝගිකව වැඩක් කර පෙන්නුවේ වත්මන් විපක්ෂය බවත් පසුගිය කාලයේ සිටි නායකයන්ට වඩා වැඩි වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කිරීම තම අපේක්ෂව බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (06) පැවති සජබ මැදවච්චිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan