*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

“අපි ඉන්නේ දේශගුණික අපායට යන අධිවේගී මාර්ගයක, තවමත් අපේ පාදය ඇක්සලරේටරය මතයි.”

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ඊජිප්තුවේ COP27 දේශගුණ සමුළුවේදී රැස්ව සිටි ලෝක නායකයින්ට අනතුරු අඟවා තිබුණේ මේ වන විට ගෝලීය උණුසුමට එරෙහි සටනේදී ලෝක ප්‍රජාව එකට වැඩ කිරීම හෝ සාමූහිකව දිවි නසා ගැනීම අතර තියුණු වරණයටක සිටිය බවයි.


නයිජීරියාවේ සහ පකිස්ථානයේ විනාශකාරී ගංවතුරේ සිට කෙන්යාවේ, සෝමාලියාවේ සහ එක්සත් ජනපදයේ නියඟය සහ මහාද්වීප තුනක් පුරා පෙර නොවූ විරූ තාප තරංග හේතුවෙන් මෙම වසර තුළ පමණක් ජීවිත දහස් ගණනක් අහිමි වූ අතර තක්සේරු කළ නොහැකි තරමේ කෙටි කාලීන හා දිගු කාලීන ආපදාවන්ට මිනිසුන්ට මුහුණ දීමට සිදු විය. ඒ අනුව ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ මෙම සියලුම අදෝනාවන් අවසන් කිරීමට මේ කාලය බවයි.


වත්මන් ප්‍රවණතා අනුව දශකය අවසන් වන විට කාබන් දූෂණය සියයට 10 කින් වැඩි වන අතර පෘථිවි පෘෂ්ඨය 2.8C (5F) කින් ඉහළ යනු ඇත. නමුත් රජයන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවට උද්ධමනය ඉහළයාම අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළයාම ආදිය එක්වන වැබින් දේශගුණික විපර්යාසයන්ට ඇති ඉඩකඩ හැකිලී යාම සිය කනස්සල්ලට හේතුවන බව ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.


ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැලැක්වීමට රටවල් දක්වන්නේ මන්දගාමී සහයක් බව ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී මෙහිදී පැවසූයේ “අපි ඉන්නේ දේශගුණික අපායට අධිවේගී මාර්ගයක, තවමත් අපේ පාදය ඇක්සලරේටරය මත බවත්ය. මෙහිදී ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ 2040 වන විට ගල් අඟුරු භාවිතය ක්‍රමානුකූලව ඉවත්කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.


ලෝකයේ ඉහළම හරිතාගාර වායු විමෝචනය කරන රට චීනය වන අතර එහි දෙවන ස්ථානය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් අවධානමට ලක්විය හැකි රටවලට සහය දැක්වීමට ඔවුන්ට සදාචාරාත්මක අවශ්‍යතාවක් තිබිය යුතු බවට මහලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබිණි. ස්වභාවික ආපදාවන්ගෙන් බැට කන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ආර්ථිකය හරිතකරණය කිරීමට සහ අනාගත දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාර කිරීම සඳහා වසරකට ඩොලර් බිලියන 100 ක මුදලක් ලබා දීම සඳහා ධනවත් ජාතීන් විසින් කාලසටහනක් සකස් කර ගැනීම අත්‍යාවශ්‍ය බව මහලේකම්වරයා ඊයේ දිනයේ cop27 සමුළුවේ සිය දේශනයේදී අවධාරණය කර තිබිණි.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan