ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගවලට සහභාගි වන නෙදර්ලන්ත කණ්ඩායම ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවට පැමිණියා.ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නැටුම් කලාවේ අංග ඇතුළත් පිළිගැනීමක් සමඟ ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වයේ උණුසුම පුද කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නෙදර්ලන්ත කණ්ඩායම පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබුණා.


ස්කොට් එඩ්වඩ්ස් නායකත්වය දරණ නෙදර්ලන්ත කණ්ඩායම සිය පළමු විස්සයි විස්ස 2016 ලෝක කුසලාන තරගයට පෙබරවාරි 7 වන දා සහභාගි වන්නේ පකිස්තානය සමඟයි.එය දිවා තරගයක් ලෙස පැවත්වුණ ද,එස්එස්සී පිටිය දිවා රාත්‍රී තරග සඳහා අළුත්වැඩියා කිරීමෙන් ඉනික්බිති පවත්වන පළමු තරගයයි.


ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන අයර්ලන්ත කණ්ඩායම අද (පෙබරවාරි 01) දිවයිනට පැමිණිමට නියමිත අතර පෙබරවාරි 02 වන දා එංගලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම දිවයිනට ළඟා වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...