රජය ඉදිකළ වී ගබඩා භාවිතයට නොගන්නේ ඇයි?

Date:

රජය විශාල පිරිවැයක් යොදා වී ගබඩා ඉදිකර ඇතත් වැඩි සංඛ්‍යාවක් භාවිතයට නොගන්නා බව ගොවීන්ගෙන් චෝදනා නැගේ. ඔවුන් පෙන්වා දෙන්නේ එම ගබඩා නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේ නම් රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ පෞද්ගලික සහල් වෙළඳුන්ගේ සහල් මාෆියාවට බලපෑමක් ඇති කළ හැකි බවයි.

බත් ප්‍රධාන ආහාරයක් කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ වී වගාවට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. යල මහ දෙකන්නයේ දීම මෙරට වී වගාව සිදු කෙරෙන අතර , මහකන්නයේදී හෙක්ටයාර ලක්ෂ 7.5 ක් පමණ සහ යල කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 05 පමණ වසරකට වී වගාව සිදු වේ. අස්වනු නෙලා ගැනෙන්නේ මහ කන්නය තුළදී 65% ක් සහ යල කන්නයේදී 35% ක් වශයෙනි.

ගොවීන් මැසිවිලි නගන්නේ වී වලට පාලන මිලක් නියම කළ ද , වී මිලදී ගැනීමට කිසිදු මධ්‍යස්ථානයක් පිහිටුවා නොමැති බවයි. වී සඳහා මිලක් තීරණය කල නමුත් රජය වී මිලදී ගැනීමේ කටයුතු වලින් ඉවත් වී ඇති බවයි. වී අස්වනු වලින් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගනු ලබන්නේ 10% පමණක් බවයි.

වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ගබඩා කර තැබීමට දිවයින පුරා දිස්ත්‍රික්ක 19ක ගබඩා 356ක් පමණ පවතී. ඒ තුළ වී මෙට්‍රික් ටොන් 325,000 ක් ගබඩා කළ හැකිය. එහෙත් ගැටලුව වන්නේ මෙතරම් ඉඩකඩ තිබියදීත් ගබඩා වල වී අස්වනු මෙලෙස ගබඩා නොවීමයි. ඉකුත් යල කන්නයේදී වී ගබඩා කෙරුණේ වී මෙට්‍රික් ටොන් 150,000 පමණයි.

ගොවින් පවසන්නේ වී මිලදී ගන්නවා යැයි පැවසුවද කිසිම ගබඩාවක් විවෘත කර නොමැති අතර එහි කිසිවකු සේවයේද නොයෙදෙන බවයි. වී අස්වනු භාරදීමට යන සෑම අවස්ථාවකම “ගබඩාව වසා ඇත” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර ඇති බව ගොවීන් මැසිවිලි නඟයි. වී ගබඩා වල විශාල වශයෙන් සේවකයන් සේවයේ නියැළී සිටි අතර මේ වන විට එම සේවකයන්ටද රැකියා කිසිවක් නොමැතිව අසරණ වී ඇති බව ද ගොවීන් පවසයි.

මෙයට හේතුව ලෙස ගොවීන් පෙන්වා දෙන්නේ පෞද්ගලික ආයතන මගින් වඩා වැඩි මිලකට තරගකාරීත්වයක් යටතේ වී මිලදී ගැනීමයි. එම අංශ වලට අවශ්‍ය තරම් තම වී ලබාදිය හැකි වීම නිසා වී අස්වනු පෞද්ගලික අංශයට ලබාදෙන බව ගොවීන් පවසයි. මෙලෙස වී වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලැබීමෙන් සහල් ඒකාධිකාරියක් ඇතිවීම වැළැක්විය නොහැකි කරුණකි. පෞද්ගලික වෙළඳුන් ඔවුන්ගෙන් මිලදී ගන්නා වී සහල් කර වසර පුරා තමන්ට අවශ්‍ය පරිදි සහල් මිල උච්චාවචනය කරමින් පවත්වාගෙන යනු දැකගත හැකියි.

කලකට ඉහත දී රුපියල් 130 ට 140 ක ට පමණ මිලකට විකුණු වී සඳහා එම මිල ද මෙම පාලන මිල නිසා අහිමි වූ බව ගොවීන් පවසයි. ඔවුන්ගේ කණකර ආභරණද උකස්කර බැංකුවලින් ණය මුදල් ද ලබා ගෙන මෙම වගා කටයුතු සිදු කර ඇති අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද කරගෙන යාමට තරම් ආදායමක් තමාට නොමැති බව ගොවීන් පවසයි.

මෙම කාර්යය රජයෙන් සිදු නොකර පෞද්ගලික අංශයට කරගෙන යාමට හේතුව කුමක්දැයි රජයේ වී අලෙවි මණ්ඩලයෙන් විමසීම් කළ විට ඔවුන් පවසන්නේ , වී මිලදී ගැනීමට ඔවුන්ට ඒ සඳහා රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදුනොවන අතර බැංකු මගින් 28% ක පොලී අනුපාතයක් මත ණය ලබාගෙන ගොවීන්ගේ වී මිලදී ගැනීමේ ගැනීමට සිදුවන බවයි. එවැනි පොලියක් යටතේ වී මිලදී ගතහොත් වී සහල් බවට පත් කිරීමේදී ඉහල මිලකට සහල් විකිණීමට සිදුවන බවත්, වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

තමන් සතු මුදල් වලින් වී මිලදී ගෙන ඒවා ගබඩා කර සහල් බවට පත්කර සතොස සමුපකාර වැනි ආයතන මගින් ජනතාවට සහන මිලට ලබාදීමට ක්‍රියා කරන බව ද වී අලෙවි මණ්ඩලය පවසයි. රටේ වී ගබඩා ඇතත් ඒවායෙහි ගබඩා කිරීමට තරම් වී මිලදී ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැත. අවශ්‍ය තරම් වී මිලදී ගැනීමට සහනදායී පොලී යටතේ ණය මුදලක් ලැබෙන්නේ නම් මීට සාධාරණ මිලක් ලබාදීමටත් වී ගබඩා සියල්ල භාවිතයටත් හැකි බව වී අලෙවි මණ්ඩලය පෙන්වා දෙයි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.08

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...