වියට්නාම මුහුදේදී අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් මුදවා ගැනේ!

Date:

වියට්නාම මුහුදු කලාපය තුළ අනතුරට පත්ව අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු රැගත් බෝට්ටුවක් බේරා ගැනීමට ජපාන බලධාරීන් සමත්ව තිබේ.

අනතුරට පත් පිරිස අතර, පිරිමි 264 දෙනෙකු, කාන්තාවන් 19 දෙනෙකු සහ දරුවන් 20 දෙනෙකු සිටි බවට සඳහන්.

මියන්මාර ධජය රැගත් Lady R3 නම් මෙම බෝට්ටුව හඳුනාගෙන තිබෙන්නේ එම යාත්‍රාවට හානි වී දියේ ගිලුනු පසු ස්ප්‍රැට්ලි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේදී ය.

වියට්නාමයේ වියට්නාම සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Vietnam Maritime Search and Rescue Coordination Centre) ලැබුණු තොරතුරු මත, ඊයේ (07) දින එම කලාපයේ යාත්‍රාකරමින් තිබූ ජපාන ධජය රැගත් Helios Leader වෙත කළ දැනුම්දීමකින් අනතුරුව අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීමට සමත් වී ඇත.

Lady R3 ධීවර යාත්‍රාවෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ අතර, වියට්නාම සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අදාළ කලාපය තුළ තවත් නෞකා පහක් යොදවා අවශ්‍ය උපකාර තිබේ නම් ඒවා ලබා දීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා තිබෙන්නේ, ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භකර ඇති බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...